කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින් සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.
"අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ"
"නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ"
කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.
කතෘ: එඩ්වඩ් චන්ද්‍රසිරි
Wednesday, July 21, 2010
Tuesday, July 20, 2010
සිංහ ඔළුව
අවන්හලකට ගොඩ වූ පුද්ගලයෙක් බාර් කවුන්ටරයට ඉහළින් එල්ලා තිබූ, පුරවන ලද සිංහ ඔළුව අගය කරන්නට විය.
"ෂා.... කොතරම් විශිෂ්ඨ දෙයක් ද?" පුද්ගලයා බාර්මන්ට කීවේය.
"මම නම් ඒකට විශිෂ්ඨයි කියන්නෙ නැහැ” බාර්මන් පිළිතුරු දුන්නේය." ඒ පර සිංහයා මගේ බිරිඳව මැරුවා."
"අහෝ දෙවියනි!" පුද්ගලයා කීවේය. "ඒගොල්ලෝ කැලේ සෆාරි ගමනක් යමින් සිටියාද?"
"නැහැ" බාර්මන් පිළිතුරු දුන්නේය. "ඒක මගේ බිරිඳගේ හිස මත වැටුනා."

ආදර රස
කෙල්ල – විවාහයෙන් පසුවත් ඔයා මට ආදරේ කරනවාද?
කොල්ලා - එය රඳා පවතින්නේ ඔයාගේ ස්වාමිපුරුෂයා මතයි. ඔහු මට ඉඩ දුන්නොත්.
කොල්ලා - එය රඳා පවතින්නේ ඔයාගේ ස්වාමිපුරුෂයා මතයි. ඔහු මට ඉඩ දුන්නොත්.
හුඹහ ළඟ බහිනවා
ප්‍රයිවට් බස් ආවට පස්සේ බස් ධාවනය මෙලෝ රහක් නෑ. බස් එක හැම තැනම නතර කරනවා. හැබැයි හෝල්ට් එකේ හැර පාර අයිනේ කවුරු හරි හිටියොත් බස් එක බ්රේක් පාරක් ගහලා දාගන්නමයි ට්‍රයි එක. කවුරු හරි අත උස්සල කණක් කැහුවත් බස් එක නතර කරනවා. හැබැයි පස්සෙන් තව බස් එකක් එනවා නම් මරා ගෙන මැරෙන වේගෙන් තමයි බස් එක එළවන්නේ.
දැන් ඔය ඉස්සර වගේ බහින්න බෙල් ගහන්නෙත් නෑ.
"ඩ්‍රයිවර් උන්නැහේ ඔය ගහ යට දාල යන්න. ඩ්‍රයිවර් මහත්තයෝ ඔය තේ කඩේ ළඟ පොඩ්ඩක් ස්ලෝ කරන්න. මේ අයිසේ ඔය තැපැල් කණුව ළඟ මං දාල යනවද???මේ ඇහුනැයි ඔය බෝක්කුව ළඟ පොඩ්ඩක් මාව බස්සනව ද" ආදි වශයෙන් තමයි මිනිස්සු බහින්නේ.
එක දවසක් එක මනුස්සයෙක් "මේ ඩ්‍රැයිවර් මහත්තයෝ ඔය ඉස්සරහ හුඹහ ළඟ මාව දාල යන්න කෝ" කීවා.
ඩ්‍රයිවර් ස්ලෝ කළා, මිනිහ හුඹහ ළඟ බැස්සා.
ඩ්‍රයිවර් පස්ස හැරිලා කොන්දොස්තර ගෙන් මෙන්න මෙහෙම ඇහුවාලු.
"ඕයි ඒ බැහැලා ගියේ නයෙක් ද"

සූර සන්නිවේදකයෝ
ලොව වේගවත්ම සන්නිවේදන ක්‍රම ත්‍රිත්වයකි.
1. Tele – phone (දුරකථනය)
2. Tele – vision (රූපවාහිනිය)
3. Tell – a – woman (කාන්තාවකට කියන්න)
ඔබට වේගය තවත් වැඩිකර ගන්න වුවමනාද?
කාටවත් කියන්න එපා කියා ඇයට කියන්න.
1. Tele – phone (දුරකථනය)
2. Tele – vision (රූපවාහිනිය)
3. Tell – a – woman (කාන්තාවකට කියන්න)
ඔබට වේගය තවත් වැඩිකර ගන්න වුවමනාද?
කාටවත් කියන්න එපා කියා ඇයට කියන්න.
Monday, July 19, 2010
උසාවිය නිශ්ශබ්ද වනු!
බීමත්ව සිටි පුද්ගලයෙක් උසාවියට ගෙනැවිත් තිබිණි.
නඩුව ඇසීමට මොහොතකට පෙර උසාවියේ ඝෝෂාවක් ඇසෙන්නට විය.
විනිසුරු ඔහුගේ මේසයට මිටියෙන් තට්ටු කරමින් "ඕඩර්, ඕඩර්!!" කියා කෑගැසුවේය.
වහාම ක්‍රියාත්මක වූ බීමත් පුද්ගලයා මෙසේ කියා සිටියේ ය.
"ස්තූතියි, උතුමාණනි! මම අරක්කු කාලයි සෝඩා බාගයකුයි ගන්නම්."

Subscribe to:
Posts (Atom)