Saturday, June 19, 2010

විසඳුම...

කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබූ දුම්රියේ එක් මැදිරියක සිටි කාන්තාවෝ දෙදෙනෙක් දබර කර ගනිමින් උන්හ. එක් කාන්තාවක් තමා අබියස ජනේලය වසා දැමිය යුතු යයි තරයේ කියා සිටි අතර අනෙක් කාන්තාව ජනේලය හැර තැබිය යුතු යයි තර්ක කළාය.

ක්‍රමයෙන් උග්‍ර අතට හැරුණු මේ හබය බේරීමට ඉදිරිපත් වූයේ දුම්රිය ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහු හමුවේ කරුණු දැක්වූ එක් කාන්තාවක්,

"මේ ජනේලෙ ඇරලා තිබුණොත් සීතලේ වෙවුලලා මාව මෙතනම මැරිලා යාවි" යයි කීවාය.

"මේ ජනේලෙ වහලා තිබුණොත් හුස්ම හිරවෙලා මාව මෙතනම මැරිලා වැටේවි" අනෙක් කාන්තාව හඬ නැඟුවාය.

මොහොතක් කල්පනා කළ ආරක්‍ෂක නිලධාරියා මෙසේ කීය.

"මුලින්ම ජනේලෙ ඇරලා තියමු. එතකොට මෙයා ඉවරවෙයි. ඊට පස්සේ ජනේලෙ වහමු. එතකොට අරයා ඉවරයි. ඊට පස්සෙ මේ ඔක්කොටම කනක් ඇහිලා කෝච්චියෙ යන්න පුළුවන් නෙ..."

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...