කෞතුකාගාරය තුළ යමක් උස් හඬක් නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක් බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.
"දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක් නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.
කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක් පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.
"යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක් කියල..."
Saturday, December 11, 2010
ගාන වැඩියි...
නඩුවක් සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක් නීතිඥවරයෙකු හමුවීමට ගියේය.
"ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."
"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.
"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.
"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස් හඬින් ඇසුවේය.

මහදිග කතාව...
සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක් කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක් ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක් ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.
යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.
ටික වේලාවක් ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක් පමණ පිටවී ගියහ.
කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.
"තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක් ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක් ලියල දීලා...
"නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක් තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.

නරක වෙලාව
දවස පුරා සිය කුලී රථය පදවා දැඩි ලෙස වෙහෙසට පත් රියෑදුරෙකු වීදියේ කෙළවර ගසක් යට රිය නතර කළේ සුළු වේලාවක් හෝ නිදාගැනීමේ අදහසිනි.
ටික වේලාවකට පසු යම්කිසිවකු පැමිණ මෝටර් රථයට තට්‌ටු කිරීමට පටන් ගත්තේය. එම හඬින් අවදිවූ රියෑදුරා.
"මොකද? කියා ඔහුගෙන් ඇසුවේය.
"කරුණාකරල මට වේලාව කීයද කියනවද?"
"8.10 යි" ඔහු පිළිතුරු දුන්නේය.
දෑස් පියෑවීගෙන එද්දී තවත් පුද්ගලයකු පැමිණ මෝටර් රථයේ දොරට තට්‌ටු කරන හඬක් ඇසුණි.
"කරුණාකරල වෙලාව කීයද කියල කියනවද?" දෙවැන්නාත් එම ප්‍රශ්නයම ඇසුවේය.
"8.20" යි. ඔහු එසේ පිළිතුරු දී අත් ඔරලෝසුවද ගලවා පසෙක තබා කොළයක් ගෙන මෙසේ ලියා මෝටර් රථයේ වීදුරුවේ ඇලෙව්වේය.
"මා ළඟ ඔරලෝසුවක් නැත."
ගතවූයේ නිමේෂයකි. යළිත් යම්කිසිවෙකු මෝටර් රථයට තට්‌ටු කරන හඬක් ඇසුණි.
කෝපයට පත් රියෑදුරා "මොකද?" කියා උස් හඬින් ඇසුවේය.
"වෙලාව 8.30 යි." තුන්වැන්නා එසේ පවසමින් යන්නට ගියේය.

ඊයේ තිබුණෙ නෑ...
ජපන් ජාතිකයෙක් ලන්ඩන් නගරයේ සංචාරයක් සඳහා පැමිණියේය.
සංචාරය සඳහා ඔහු මෝටර් රථයක් කුලියට ගත්තේය.
නගරයේ මද දුරක් යන විට තට්‌ටු තුනක ගොඩනැගිල්ලක් දුටු සංචාරකයා රියෑදුරාගෙන් මෙසේ ඇසුවේය.
මේ ගොඩනැගිල්ල හදන්න කොච්චර කාලයක් ගතවෙලා තියෙනවද?
"අර පුවරුවේ සඳහන් කරල තියෙන්නෙ... 1998-2008 කියල.
"අපොයි එච්චර කාලයක් වැඩියි" සංචාරකයා පැවසුවේය.
ටික දුරක් යන විට යෝධ පාලමක් හමුවිය.
මේ පාලම හදන්න කොච්චර කාලයක් ගත වුනාද?" සංචාරකයා රියෑදුරාගෙන් විමසූවේය.
ඒක හදන්ඩ අවුරුදු දොළහක් ගතවෙලා තියෙනවා.
"මයි ගෝඩ් - හොඳටම වැඩියි" සංචාරකයා මිමිණුවේය.
පාලම පසුකරනවාත් සමගම තට්‌ටු හතක සුවිසල් ගොඩනැගිල්ලක් දිස්‌විය.
"මේ ගොඩනැගිල්ල හදන්ඩ කොච්චර කාලයක් ගතවෙලා තියෙනවද?"
"මේක මෙතැන ඊයේ තිබුණෙ නෑ... රියෑදුරා උස් හඬින් පැවසුවේය.

අපූරු පිළිතුර
ඉමහත් සමාජ සේවයක් ඉටු කරනු ලබන පුණ්‍ය වර්ධන සමිතියට නගරයේ ප්‍රධාන පෙළේ නීතිඥවරයකුගෙන් කිසිදු ආධාරයක් ලැබුණේ නැත.
දිනක් එකී සමිතියේ සභාපතිවරයා මෙම නීතිඥවරයා හමුවීමට ගොස් මේ පිළිබඳව විමසා සිටියේය.
"ඔබට අවුරුද්දකට රුපියල් දස ලක්‌ෂයක පමණ ආදායමක් ලැබෙන බැව් ආදායම් බදු වාර්තාවල සඳහන් වෙනවා. නමුත් ඔබ මේ දක්‌වා අපේ පුණ්‍යවර්ධන සමිතියට කිසිම ආධාරයක් කර නැහැ. ඔබ මහජනයාට උදව් කරන්න කැමැති නැද්ද."
"මගේ මවට අසනීප බව ඔබ දන්නවාද? ඇයට මසකට බෙහෙත් සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ විතරක්‌යෑ මගෙ අයියා අන්ධයි. ඔහුට රැකියාවකුත් නැහැ. එච්චර නම් බැරියා... මගෙ නංගිගෙ මහත්තයා මැරිලා ඇයට ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා.ඉතින් ඒ අයටවත් සළකන්නෙ නැති මම කොහොමද ඔහේලගෙ පුණ්‍යවර්ධන සමිතියට ආධාර කරන්නෙ???"නීතිඥවරයා කියාගෙන ගියේය

Subscribe to:
Posts (Atom)