Friday, July 23, 2010

ලන්තෑරුම

දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.

"මගේ සුබ පැතුම්" විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. "හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා."

"ස්තූතියි!" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. "නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම අප්සෙට් එකෙනුයි හිටියේ."

"එහෙම වෙන්නේ කොහොමද?" නීතිඥවරයා ඇසීය.

"ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ."

නීතිඥවරයාගේ රිය අනතුර

අලුත් කාරයක් මිලදී ගත් නීතිඥවරයෙක් එය තම මිතුරන්ට පෙන්නා උදම් ඇනීමේ දැඩි ආශාවකින් පෙළෙමින් සිටියේය. දිනෙක ඔහු කාරය මහමග නතර කරගෙන සිටියදී වේගයෙන් පැමිණි ලොරියක් රියැදුරු අසුන පැත්තේ ඔහු සිටගෙන සිටිද්දී දොරත් කඩාගෙන ගියේය.

"අයියෝ...!" යනුවෙන් ඔහු කෑගැසුවේ කොතරම් දක්‍ෂ මෙකැනික්වරයකුට වුවද දොර තිබූ පරිදිම යළි සවිකිරීමට නොහැකි බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාවෙනි.

මේ අතර පොලිස් භටයෙක් එහි පැමිණෙනු දුටු නීතිඥවරයා ඔහු වෙත දිව ගොස් මෙසේ කීවේය. "මගේ ජගුවර් කාරයේ දොර කව්දෝ මෝඩ රියදුරෙක් මේ දැන් කැඩුවා!"

"ඔබ නීතිඥයෙක් නේද?" පොලිස් භටයා ඇසුවේය.

"ඔව්, මම නීතිඥයෙක් තමයි. නමුත් ඒකෙයි මගේ කාර් එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද?" නීතිඥවරයා පිළිතුරු දුන්නේ ය.

එවිට පොලිස් භටයා මෙසේ කීවේය. "නීතිඥවරු හැම තිස්සෙම තමන්ගේ බඩු භාණ්ඩ ගැන විතරයි අවධානය යොමු කරන්නේ. ඔට්ටුයි ඔබ තවම දන්නේ නැහැ ඔබේ වම් අත නැති වෙලා කියලා. එහෙම නේද?"
නීතිඥවරයා ඔහුගේ වම් පැත්ත බලා මෙසේ මොර දුන්නේ ය.

"අයියෝ! මගේ රොලෙක්ස් ඔරලෝසුව."

Thursday, July 22, 2010

හැම තැනම වැඩ කරන බාර් කීපර්

අවන්හලක සිටි එක් පුද්ගලයෙක් හොඳට ම වෙරි වී සිටියේය. බාර්කීපර්ට ඒ බව දැනිණි. එබැවින් ඔහු තවත් බීර වීදුරුවක් ඉල්ලා සිටි විට ඔහුට තවත් මත්පැන් දීමට තරම් ඔහු හොඳ සිහියෙන් නැති බව බාර්කීපර් නිහතමානීව කියා සිටියේය. පුද්ගලයා එතැනින් පිටව ගියේය.

අවන්හලේ පැත්තකින් තිබුණු දොරෙන් ඇතුළු වූ ඔහු බාර්කීපර්ගෙන් බීර වීදුරුවක් ඉල්ලා සිටියේය. මඳක් කලකිරුණු බාර් කීපර් ඔහු කලින් දුන් පිළිතුර ම නැවත කීවේය. පුද්ගලයා පිටව ගියේය.

අවන්හලේ අනෙක් පැත්තේ දොරෙන් නැවතත් ඇතුළු වූ බීමත් පුද්ගලයා බාර් කීපර් වෙත පැමිණ බීර වීදුරුවක් ඉල්ලා සිටියේය.
බාර්කීපර්ට තරහ ගියේය. ඔහු ඉතාමත් ම බීමත්ව සිටින බැවින් අවන්හල අතහැර දමා වාහනයක් ගෙන නිවෙසට යන ලෙසට බාර් කීපර් එම පුද්ගලයාට අවවාද කළේය. ඔහු පිටව ගියේය.

නැවතත්, අවන්හලේ පිටුපස දොරෙන් ඇතුළු වූ එම පුද්ගලයා බාර්කීපර් වෙත පැමිණියේය. ඔහු වචනයක් හෝ කතා කිරීමට පෙර බාර්කීපර්ට යකා නැංගේය. “මම දැන් කලිනුත් කියල තියෙනවා තමුසෙට හොඳටම වෙරි කියලා. තමුසෙට තවත් බියර් දෙන්නේ නැහැ. වහාම මගේ බාර් එකෙන් පිටවෙලා පලයන්” බාර්කීපර් කෝපයෙන් කෑගැසුවේය.

බලවත් අමනාපයට පත් වූ බීමත් පුද්ගලයා ද බාර්කීපර් දෙස බලමින් මෙසේ කෑගැසීය. "තමුසෙ බාර් කීයක වැඩ කරනවාද ඕයි???"

මළ ගෙදර

ප්‍රේක්‍ෂකයෙක්‌ පාපන්දු තරගයක්‌ නරඹමින් සිටියේ ලු. ඔහුට යාබද අසුන හිස්‌ව තිබුණේ ලු.

"එහා ආසනය හිස්‌ නේද? ඒක කාගෙද?" යි තවත් ප්‍රේක්‍ෂකයෙක්‌ විමසුවේ ලු.

"ඔව්. ඒක හිස්‌ තමයි. ඒක මගේ නෝනගේ"

"නෝනා එන්නෙ නැද්ද?"

"නැහැ. එයා අද උදේ මැරුණා!"

"ඉතින් එම ආසනය ඥතියෙකුටවත් දෙන්න තිබුණානේ"

"ඒ ඔක්‌කොම මළ ගෙදර ගිහින්"

වඳුරා...

එක් පුද්ගලයෙක් අවන්හලට ගොඩවූයේ වඳුරෙකු ද සමඟය. මත්පැන් ඇණවුම් කළ ඔහු එය පානය කරමින් සිටියදී වඳුරා සෑම තැනම දුවන්න පනින්න පටන් ගත්තේය. බාර් කවුන්ටරයේ තිබූ ඔලිව්ස් ගෙඩි කිහිපයක් ඩැහැගත් වඳුරා එය ගිල දැමුවේය. ඉන්පසු එතැන තිබූ දෙහි පෙති කිහිපයක් කෑවේය.

අනතුරුව කුඩා බිලියඩ් මේසය මතට පැන්න වඳුරා එහි තිබූ බෝලයක් ඩැහැගෙන එය උගේ කටට ඇතුළු කර ඉන්පසුව එය සම්පූර්ණයෙන් ම ගිල දැමුවේය.

බාර් කීපර් පුද්ගලයාට කෑගැසුවේය. "ඔබ දැක්කද ඔබේ වඳුරා මේ දැන් කළේ මොකක්ද කියලා?"

"නැහැ, මොකක්ද?" පුද්ගලයා ඇසුවේය.

"ඌ මේ දැන් මගේ බිලියඩ් බෝලයක් සම්පූර්ණයෙන් ම ගිල්ලා" බාර්කීපර් පැවසීය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි." පුද්ගලයා පිළිතුරු දුන්නේය."පේන්න තියෙන හැම දෙයක්ම ඒ මෝඩයා කනවා. බිලියඩ් බෝලෙටයි අනෙක් ඒවටයි මම ගෙවන්නම්" යැයි පැවසූ ඔහු සිය බිල ගෙවා දමා පිටත්ව ගියේය.

දෙසතියකට පසුව ඔහු යළි ඒ අවන්හලට පැමිණියේය. එවිටද ඔහු සමග ඒ වඳුරා සිටියේය. ඔහු මත්පැන් ඇනවුම් කළ අතර වඳුරා යළි බාර් එක වටේ දුවන්න පටන් ගත්තේය.

පුද්ගලයා බීම පානය කරමින් සිටින අතරදී වඳුරාට චෙරී ගෙඩියක් හමුවිය. එය ඩැහැගත් ඌ චෙරී ගෙඩිය පස්සා පැත්තට ඇතුළු කර, යළි එළියට ගෙන එය කා දැමුවේය.

බාර්කීපර්ට මහත් පිළිකුලක් ඇති විය. "ඔබේ වඳුරා දැන් කළ දේ ඔබ දුටුවාද?" ඔහු එම පුද්ගලයාගෙන් විමසුවේය.

"ඒ පාර මොකක්ද?" පුද්ගලයා පෙරළා ප්‍රශ්න කළේය.

"ඌ චෙරී ගෙඩියක් උගේ පස්ස පැත්තෙ ගහලා, ආයෙත් ඒක එළියට අරගෙන කෑවා" බාර්කීපර් කීවේය.

"ආ... ඒක මට පුදුමයක් නෙවෙයි" පුද්ගලයා පැවසීය. "ඌ තාමත්, පේන්න තියෙන හැම දෙයක්ම කනවා. නමුත් අර බම්බු බිලියඩ් බෝලය කාපු දවසේ පටන් යමක් කන්න ඉස්සෙල්ලා ඌ ඒක මැනලා බලනවා."

Wednesday, July 21, 2010

උපාසකම්මා

කරුණාවති උපාසකම්මා හවස් ජාමේ පන්සලට යද්දී පාලම යට කොලු ගැටයෙක් බිලී පිත්තකින් මාළු බාමින් සිටිනවා දැත කම්පා වෙමින් මෙසේ කීවාය.

"අනේ අප්පොච්චියේ, හැබෑටම ළමයෝ උඹට ලැජ්ජා නැද්ද මේ අහිංසක සත්තු මරන්ඩ"

"නෑ ආච්චියේ, උන් අනුන්ගේ දේවල්වලට කට නොදා ඉන්නව නම් ඔය මුකුත් ප්‍රශ්නයක් නෑ"

කොළුවා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

කතෘ: එඩ්වඩ් චන්ද්‍රසිරි