Wednesday, June 16, 2010

පිට අනතුරු...

අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.

“සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”

“බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.

කනගාටු නැද්ද???

තම බිරිඳ මිය ගොස් ටික දිනකට පසු ඇය රක්ෂණය වී සිටි සමාගමට බණ්ඩාර ගියේ එම රක්ෂණ මුදල ලබා ගැනීම පිණිස ය.

“ඔබේ බිරිඳ ගෙ හදිසි මරණය ගැන අහලා අපේ සමාගම බොහෝ ම කනගාටු වුණා” පිළිගැනීමේ නිලධාරිනිය ඔහු පිළිගනිමින් හැඟීම්බරව කීවාය.

“කනගාටු නැද්ද? රක්ෂණය වෙලා මාස දෙකෙන් ලක්ෂයක් ගෙවන්ඩ වුණාම?" බණ්ඩාර පිළිතුරු දුන්නේ ය.

Tuesday, June 15, 2010

ආදරේ තරම...

සාගත හා භීතිකා මුහුදු වෙරලේ පෙම් කෙලිමින් සිටීය.

භීතිකා: මට හිතෙනවා සාගත අපේ ආදරේ ගැන ලෝකෙටම ඇහෙන්න කියන්න

සාගත: පිස්සු කෙලින්න එපා මෙයා,මගේ රට ඉන්න ගෑනිට ඇහුනොත් විනාසයි

විද්‍යාත්මක නාමයන්...

ගස් ලබු - බොක්කානා බොලොක්කානා
කෝපි - බොක්කානා කරකුට්ට්ටානා
මුරුංගා - අදින්නා දානා
කසිප්පු - බොකු දිරාස්

නාසා පරික්සනේ...

නාසා ආයතනයට් පොඩි පරීක්සනයක් කොරන්ට ඔන වෙලා තිබ්බා. හඳේ දිග කාලයක් ජීවත් උනාට පස්සෙ මිනිස්සුන්ගේ හැසිරීම මොන වගේ ද කියලා තමා බලන්න ඔනකම තිබ්බේ.

මේකට මිනිස්සු තුන් දෙනෙක්ව යොදාගන්න තීරණය කලා. තුන් දෙනාව තෝරගත්තේ worldwide ලොතරැයියකින්.

මොන කරුමෙකටද මන්දා ලොතරැයි තුනම ඇදුනේ ලංකාවේ තුන් දෙනෙක්ට.
දැන් කට්ටියම හඳට යන්න සෙට් වෙනවා.

හඳට උනත් ඔහේ නිකන් යවන් නෑ.කොන්දේසි තියනවා.හඳේ ඉද්දි කෑම බීම මොකුත් නෑ.පෝෂනීය ටැබ්ලට් එකක් දවසකට සැරයක් දෙනවා. එච්චරයි. මෙලෝ කොරන්ඩ දේකුත් නෑ.(මොකෝ හඳේ කෑලි ඉන්නව කියලැයි ටෝක් කරන්න )

අඩි 50 ක් දිග මැරිච්ච සර්පය...

අඩි 50 ක් දිග මැරිච්ච සර්පයෙක් හමබවෙලා...

‍මේක බලලා බඩ අල්ලගෙන හරි comment එකක් දන්න ඕනෙ හරිද...