Sunday, June 5, 2011

පිස්සෝ කවුද???

මානසික ආරෝග්‍ය ශාලාවෙන් පැන ගිය පිස්සකු අල්ලාගත් පුවතක් පිළිබඳව අනෝමා අල්ලපු ගෙදර රූපා සමඟ කියනු අසා සිටි පුතා සාලයට විත් එහි පුවත්පතක් බලමින් සිටි නිහාල් ගෙන් මෙසේ ඇසීය.

"කොහොමද තාත්තෙ පිස්සන්ව අල්ල ගන්නෙ?"

"සෙන්ට්, පවුඩර්, ක්‍රීම්... එතකොට ඇඟ පේන කොට ගවුම්... ඒ වගේ අඟදර දඟර, බොරු මායම්... ඔය වගේ දේවල්වලින් තමයි පුතේ." නිහාල් පිළිතුරු දුන්නේ කුස්සිය දෙස හොරැහින් බලමිනි.


එඩ්වඩ් චන්ද්‍රසිරි

1 comment:

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...