Sunday, June 20, 2010

බැඳලා තිබුණොත් ඇති...

අධ්‍යාපනඥ රණවීරට, නීතිඥ මනෝපාල හමුවුණේ ස්වේච්ඡා සංවිධාන සම්මේලනයක් සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණි විටෙකදීය. පාසල් මිතුරන් වූ මේ දෙදෙනා හමුවුණේ වසර 10කට පමණ පසුවය.

”ඉතින් .. ඉතින් මනෝ දැන් කොහොමද ඔයාගෙ උසාවි කටයුතු? මං හිතන්නෙ දැන් හොඳට නඩු එහෙම ලැබෙනවා ඇති.” රණවීර දිග කතාවකට මුල පිරීය.

”ඇත්තටම රණේ නඩුවලින් නම් අඩුවක් නෑ. මම වැඩිපුරම කරන්නේ දික්කසාද නඩු” මනෝ කීය.

”මනෝ, දික්කසාද වෙන්ඩ තියෙන්න ඕන මූලිකම සුදුසුකම මොකක්ද?” රණවීර ඇසීය.

”දෙන්නා බැඳල තිබුණොත් ඒ හොඳටෝම ඇති” මනෝ කීවේ ඇඟට පතට නොදැනීය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...