Wednesday, May 26, 2010

නෝනගේ මොලේ...

නිමල් ගෙදර ආවෙ මයින හමක මෙන් මහා හඩින් හති දමමිනි...දහඩියෙන්ද මුලු ඇඟම තෙමී ගොසිනි.....

"මොකද වුනේ " ඔහුගේ බිරිඳ ඇසීය ....

"මම අද අපූරු සොයා ගැනීමක් කලා " නිමල් ආඩම්බරයෙන් කීය ......

"මම වැඩ ඇරිලා බස් එක අල්ලන්න එනකොට ඒක අද්දනවා..... ඉතිං මම ඒක අල්ලන්න දුවලා දුවලා ආවා ....බැලින්නං ගෙදර ලඟටම ඇවිල්ලා ...ඉතිං ඒකෙං මට රුපියල් 10ක්ම ඉතිරි වුනා"

"අයියෝ"

ඒ අසා සිටි බිරිඳ මුහුණ ඇඹුල් කොට උපහාසයෙන් සිනා සුනාය.....

"ඔයා කලොත් ඔහොම වැඩක්ම තමයි...අයියෝ මනුස්සයෝ බස් එකක් පස්සෙ ඇවිත් රුපියල් 10ත් ලාබ වුනා නම් ත්‍රීවිල් එකක් පස්සේ දුවං ආව නම් රුපියල් 100ක්ම ඉතිරි වෙනවනේ"

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...