Sunday, July 25, 2010

එතකොට අම්මා..?

"මොකද අම්මේ තාත්තගෙ ඔළුවේ කෙස් නැත්තෙ?" කුඩා මංජුල තම මවගෙන් ඇසුවේ කුතුහලයෙනි.

"ඒ, තාත්තා හුඟාක් හිතලා මතලා වැඩකරන, බොහොම බුද්ධිමත් කෙනෙක් හින්දනෙ පුතේ." මව පිළිතුරු දුන්නාය.

"එහෙනං අම්මගෙ ඔළුවෙ හුඟාක් කෙස් තියෙන්නෙ." මංජුල මවගේ හිස වෙතට ඇඟිල්ලක් දිගු කරමින් ඇසුවේය.

"මේ උඹ මගෙන් මුකුත් අහන්නෙ නැතුව ගිහින් පොතක් පතක් බලාගනිං." මව කෝපයෙන් මංජුලට කඩා පැන්නාය

Saturday, July 24, 2010

මහත්තයා දන්නවද?

දුම්පානය කරන්නන් දකින විට කෝපයට පත්වන, එමෙන්ම ඊට වහා ප්‍රතිචාර දක්වන එක් කාන්තාවක් දිනක් පාරේ ගමන් කරමින් සිටියාය. බස් නැවතුම් පළක කණුවකට හේත්තු වී බොහෝ සැහැල්ලු ආකාරයෙන් දුම්වැටියක් උරන තරුණයකු දැක කෝපයට පත් ඇය ඔහු අසලට ගොස් ආවේගශීලීව මෙසේ ඇසුවාය.

"තමුසෙගෙ අම්මා දන්නවද තමුසෙ ඔය විදියට සිගරට් බොනවයි කියල?"

"ඔය නෝනගෙ මහත්තයා දන්නවද ඔහේ මහ පාරෙදි හම්බුවෙන නන්නාදුනන ඉලන්දාරිත් එක්ක පැටලෙන්න යනවයි කියල." තරුණයා පෙරළා ඇසුවේය.


උපුටා ගැනීම : සිළුමිණ

ගෙවන්නෙ මොකටද?

ප්‍රේමදාස රෙදි සාප්පුවකට ගොඩ වැදුණේ කලිසමක් මිලදී ගන්නා අදහසිනි. කලිසම් තොගයක්ම පෙරළා බලා තමාට ගැළපෙන කලිසමක් තෝරා ගෙන හැරී බලද්දී එහා පැත්තේ තිබුණු කමිස තොගයක් දැක කලිසම ආපසු දමා, ඉන් කමිසයක් තෝරා ගෙන සාප්පුවෙන් එළියට පැමිණියේය.

ඔහු පසුපස හඹා ආ ආරක්‍ෂක නිලධාරියෙක්, "මහත්තයා පොඩ්ඩක් ඉන්න. ඔහේ මේ කමිසෙට ගෙව්වෙ නැහැ නේද?" යයි ඇසුවේය.

"ඇයි මං කමිසෙට හරියන්න කලිසමක් දාලා ආවනෙ." ප්‍රේමදාස කීය.

"ඒ වුණාට මහත්තයා ඒ කලිසමට ගෙව්වෙත් නැහැනෙ."

ආරක්‍ෂක නිලධාරියා තවත් පැනයක් නැගීය.

"මට ඕනෙ නැති කලිසමකට මං ගෙවන්නෙ මොකටද හලෝ."යනුවෙන් කී ප්‍රේමදාස යන්නට හැරුණේය.


උපුටා ගැනීම : සිළුමිණ

එහෙම වුණා නං

"ඔයා දන්නවද වැඩක්.මම අද උදේ තිබුණු රැස්වීමට ගිහින්, වේදිකාවට නැඟලා,
"නෝනාවරුනි, මහත්වරුනි, මම තමා ඔබේ අලුත් කෘෂිකර්ම ඇමැතිවරයා" කියලා කිව්වා විතරයි, එතන හිටිය මිනිස්සු මට කුණු වෙච්ච තක්කලි, කෙසෙල් ගෙඩි, බිත්තර වගෙ දේවල්වලින් ගහන්ඩ පටන් ගත්තනෙ.මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ එන ගමන් මට හිතුණා මම කොයි තරම් වාසනාවන්තයෙක් ද කියලා." නව ඇමැතිවරයා නිල නිවසේ පෝටිකෝවේදී තම බිරිඳට එසේ කීවේ රථයෙන් බසිමිනි.

"ඉතින් මොකක්ද ඒකෙ තියෙන වාසනාව?"

ඇමැති බිරිඳ ඇසුවේ පුදුමයටත් වඩා කෝපයෙනි.
"වාසනාව...? ඇයි මෝඩියේ, මම කර්මාන්ත ඇමැතිවරයා වුණා නං එහෙම?"

ඇමැතිතුමා කීවේ කටපුරා සිනාසෙමිනි.

උපුටා ගැනීම : සිළුමිණ

Friday, July 23, 2010

දොස්තරගේ විවේක කාමරය

"ඔබ ආවේ ඇයි?" කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති. කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය. මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.

අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

"ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?" කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.

"මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවා." මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
"මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ" ඇය කියා සිටියාය.
"ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා" යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

"ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා."

"පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා" කියූ මහලු පුද්ගලයා එතැනින් පිටව ගියේය. මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව "ඔව්!" කීවාය.

"මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා" මහළු පුද්ගලයා කීවේය.

හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම
"ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?" කියා ප්‍රශ්න කළාය.

"මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ" යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.

ලන්තෑරුම

දුම්රිය හරස් පාරක ඉතාමත් දරුණු අනතුරක් සිදුවිය. දුම්රිය කාරයක් සමඟ ගැටුණේය. කිසිවෙක් මරුමුවට පත් නොවූවද කාරයේ රියැදුරු දුම්රිය කොම්පැණිය උසාවියට ගෙන ආවේය.

නඩු විභාගයේදී, දුම්රිය ඉංජිනේරුවා අවධාරණය කර සිටියේ තමා මිනිත්තුවකට ආසන්න කාලයක් තමාගේ ලන්තෑරුම ඉස්සරහටත් පස්සටත් වනමින් දුම්රිය රියැදුරුට ගොඩක් වේලාවක සිට අනතුරු ඇඟවූ බවය.
ඔහුගේ කතාව පිළිගත් උසාවිය නඩුව ඉවත දැමුවේය.

"මගේ සුබ පැතුම්" විත්තියේ නීතිඥවරයා උසාවියෙන් පිටව යද්දී ඉංජිනේරුවරයාට කීවේය. "හරස් ප්‍රශ්න ඇසීමේදී ඔබ ඉතාමත් ම බුද්ධිමත්ව පිළිතුරු දුන්නා."

"ස්තූතියි!" ඉංජිනේරුවරයා පිළිතුරු දුන්නේය. "නමුත්, පැමිණිල්ලේ නීතිඥවරයා මාව දැන් දැන් කොටු කර ගනීවි කියා මම හරිම අප්සෙට් එකෙනුයි හිටියේ."

"එහෙම වෙන්නේ කොහොමද?" නීතිඥවරයා ඇසීය.

"ඒ වැඩකට නැති ලන්තෑරුම ඒ වෙලාවේ පත්තු වෙලා තිබුණාද? කියල කොයි වෙලාවක හරි එයා මගෙන් අහයිද කියලා හරි බයෙනුයි මම හිටියේ."