Thursday, June 24, 2010
Wednesday, June 23, 2010
දඩ ගෙවන ලේසිම විදිහ...
මේක උනේ එකෙක්ගේ ඔෆිස් එකේ යාලුවෙක්ට. මිනිහගෙ නම උදිත..!
ගෙවල් තියෙන්නෙය් කැන්ඩි පැත්තෙ.. මිනිහ හැම වීක් එන්ඩ් එකේම සෙනසුරාදට කැන්ඩි යනව උදේම ගෙදර යන්න.. මොකඩ මිනිහ ඔෆිස් එන්නෙ ජා - ඇල පැත්තෙ බෝර්ඩ් වෙලා ඉදන්.. කොහොම හරි එක වීක් එන්ඩ් එකක මිනිහ මෝටර් බයික් එකේ ගෙදර යද්දි කැන්ඩි හරියෙදි පාරෙ ඩියුටි කරන ට්‍රැෆික් පොලිස් මහත්තුරු දෙන්නෙක්ට අහු වෙලා.. මිනිහව අල්ලල වංගුවකදි ඕවර් ටේක් කරද්දිම.. මේකත් මෝටර් බයිසිකල් පැද්දට මොකද කිසිම චාරයක් නැහැ බයික් එකට නැග්ගම .. ඩිසිප්ලීන්ස් බින්දුවයි..!දැන් මාර කේස් එක..
කොස්සො දෙන්න දඩ කොලයක් ලියන්න හදනව..
අපේ මිනිහත් ටිකක් හතරට නැමිල අර මහත්තුරු දෙන්නට කිවුවලු
" අනේ සර් මට දඩ ගෙවන්න රස්තියාදු වෙන්න වෙලාවක් නැහැ.. ගෙවන්න තියන දඩයක් මෙතනම ගෙවන්නම් කියල" මිනිහ මේ නොකිය අහන්නෙ පොඩි පගාවක් දීල ශේප් වෙන්න පුලුවන්ද කියන එක කියල ඕන කෙනෙක්ට තේරෙනවනෙ..!
ඉතින් පොලිස් මහත්තුරු දෙන්න මූනට මූන බලාගෙන ඉදල ඇහුවලු
" තමුසෙට පිස්සුද? තමුසෙ කියන්නෙ මේ දෙනෝ දාහක් බලාගෙන ඉද්දි අපිට තමුසෙගෙන් පගාව ගන්න කියලද?" කියල ටිකක් සැර කරල ඇහුවලු...
උදිතයත් ඇරල නැහැ..! " අනේ සර් මොනා හරි කරල දෙන්න බලන්න ඉතින් " කියල පින්සෙන්ඩු වෙලා..
ටිකක් වෙලා කල්පනා කර කර හිටපු එක පොලිස් මහත්තයෙක් මෙහෙම කිව්වලු " මෙතන සල්ලි ගන්න බැහැනේ .. තමුසෙ මෙහෙම කරනව.. අර ඈත පේන මුස්ලිම් හෝටලේ අපි උදේට කාපු කෑම බිල් එක ඇති රුපියල් දෙසිය ගානක්.. තමුසෙ එක ගෙවල යනව"..
අපේ එකත් බයික් එක පැත්තකින් තියල හොටෙල් එකට රින්ගල.. හොටෙල් එකට ගිය එකේ මූ හොදට බඩ පැලෙන්න තෝසෙ පාරක් දාල කෝපි එකකුත් ගහල.. ගෙදර ගෙනියන්න ශෝර්ට් ඊට්ස් ටිකකුත් ඕඩර් කරල.. දැන් මුගේ බිල් එකත් රුපියල් 150ක් විතර වෙලා..
වැඩේ ඉවර වෙලා මුදලාලි ගාවට ගිය උදිතය මෙහෙම කියල " මුදලාලි අර ඈත ට්‍රැෆික් කරන පොලිස් රාලහාමිල දෙන්න මගෙ යාලුවො..!එයාල කිවුව අර උදේ කාපු කෑම වල බිල් එකට මේ බිල් එකත් ඇඩ් කරන්න කියල.. එයාල ගෙවන්නම් කියල"..
මෙහෙම කියපු උදිය.. ඈත හිටපු රාලහාමිලට මෙහෙම කිවුවලු.. කෑ ගහල " රාලහාමි වැඩේ හරි ආ.. කියල
ඉතින් රාලහාමිත් ඇහුවලු... "නාන වැඩේ හරි නේ කියල...
නානත් "අරි රාලාමි අරි" කිව්වලු .
අපේ එකා බයික් එකට නැගල දෙතුන් පැත්තටම ටටා පාරක් දාගෙන ගෙදර ගිහිල්ල..

Monday, June 21, 2010
පුතාගෙ තරම...
තේගිරිස් උපාසක මහතා ජේමිස් බාස්ගේ නිවසට ගොඩවන්නට සිතා කඩුල්ල අරිද්දී, නිවෙසේ සිට ඒ දෙසට එන ජේමිස් බාස්ගේ කුඩා පුතු දැක නතර වී මෙසේ ඇසීය.
"ළමයා කෝ අප්පච්චි???"
"වන්දනාවෙ ගියා." කොලුවා කීය.
"එතකොට අම්මා???"
"සිල් ගන්ඩ ගියා."
"පුතා මේ කොහෙද යන්නෙ???" තේගිරිස් කොලුවා අතේ තිබුණු ආම්පන්න දෙස විමසිලිමත් වෙමින් ඇසීය.
"බිලීබාන්ඩ." කියමින් කොලුවා කඩුල්ල පැන්නේය.

රිටර්න් බඩු...
මැසූ ඇඳුම් විකුණන වෙළෙඳ ආයතනයක් ඇරැඹූ අනෝමාට තම පාසල් මිතුරියක වූ ශි‍්‍රයානි හමු වුණේ තරු පහේ හෝටලයක පැවැති විවාහ මංගල්‍යයකදීය.
කෙළවරක් නැති දීර්ඝ කතාබහකට මුල පුරමින් ශි‍්‍රයානි, අනෝමා ගෙන් මෙසේ ඇසුවාය.
"කොහොමද, ඔයාගෙ අලුත් බිස්නස් එක සරු ද?"
"හරි සවුත්තුයි අනේ. ඔයා කියන්නෙ ශි‍්‍රයානි, පෙරේදා මුළු දවසටම එකම එක ගවුමක් විතරයි විකුණුනේ. ඊයේ ඊටත් වඩා සවුත්තුයි." අනෝමා කට ඇද කරමින් කීවාය.
"ඇයි ඊයෙ මුකුත්ම විකුනුණේ නැද්ද?" ශි‍්‍රයානි ඇසුවේ ඇස් ලොකු කරමිනි.
"විකුනුණේ නැතත් කමක් නැහැ කියමුකො. පෙරේදා ගෙනිච්ච ගවුමත් ඊයේ ආපහු දීලා ගියා අනේ." අනෝමා කීවේ දැඩි කලකිරීමකිනි.

කළ උදව්ව...
වෛද්‍ය ගුණසේකර එම ප්‍රදේශයේ නිවැසියන් අතර බොහෝ ජනප්‍රිය වෛද්‍යවරයෙකි. හේ දිනක් සවස තම චිකිත්සාගාරය වෙත යමින් සිටියදී කොළඹගේ මුණ ගැසුණි.
"කොහොමද මිස්ටර් කොළඹගේ වාසදේස? අර මම දීපු බේත්වලින් ඔහෙගෙ නැන්දම්මට සනීප වුණාද?" දොස්තර මහතා ඇසීය.
"දොස්තර මහත්තයට බුදු බව අත්වෙන්න උන්දෑ නිවන් දැක්කා" කොළඹගේ පිළිතුරු දුන්නේ කෘතඥතාපූර්වකව හිස නමමිනි.

Sunday, June 20, 2010
පිස්සෙක් වත්ද???
දිනක් උදෑසන අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන කාර්යාලයේ දුරකතනය නාදවන්නට විය. රෝහලේ පාලන අංශය භාර අධ්‍යක්ෂවරයා රිසීවරය කනේ තබාගත්තේය.
”හලෝ ඔහෙලගෙ පිස්සන් කොටුවේ ලෙඩෙක් හෙම ඊයෙ රාත්තිරියෙ පැනලා ගිහිල්ලද?” දුරකථනයේ එහා කෙළවරින් ඇසුණි.
”නෑ.... ඇයි එහෙම ඇහැව්වේ?” නිලධාරියා ඇසුවේ කුතුහලයෙනි.
”නෑ කවුද පිස්සෙක් මගෙ නෝනත් එක්ක පැනලා ගිහින්” අනෙක් කෙළවරින් කියනවා ඇසුණි

Subscribe to:
Posts (Atom)