Monday, June 21, 2010

රිටර්න් බඩු...

මැසූ ඇඳුම් විකුණන වෙළෙඳ ආයතනයක් ඇරැඹූ අනෝමාට තම පාසල් මිතුරියක වූ ශි‍්‍රයානි හමු වුණේ තරු පහේ හෝටලයක පැවැති විවාහ මංගල්‍යයකදීය.
කෙළවරක් නැති දීර්ඝ කතාබහකට මුල පුරමින් ශි‍්‍රයානි, අනෝමා ගෙන් මෙසේ ඇසුවාය.

"කොහොමද, ඔයාගෙ අලුත් බිස්නස් එක සරු ද?"

"හරි සවුත්තුයි අනේ. ඔයා කියන්නෙ ශි‍්‍රයානි, පෙරේදා මුළු දවසටම එකම එක ගවුමක් විතරයි විකුණුනේ. ඊයේ ඊටත් වඩා සවුත්තුයි." අනෝමා කට ඇද කරමින් කීවාය.

"ඇයි ඊයෙ මුකුත්ම විකුනුණේ නැද්ද?" ශි‍්‍රයානි ඇසුවේ ඇස් ලොකු කරමිනි.

"විකුනුණේ නැතත් කමක් නැහැ කියමුකො. පෙරේදා ගෙනිච්ච ගවුමත් ඊයේ ආපහු දීලා ගියා අනේ." අනෝමා කීවේ දැඩි කලකිරීමකිනි.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...