Tuesday, April 19, 2011

දෙන්නම බීරි...

දවසක් රජබිසව අන්දරේට කියනවා " අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?"
එතකොට අන්දරේ
"දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්"

"ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො"

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
"උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ"
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
"හා..........කොහෝ......මද........සැප......සා........නී.........ප" යැයි සද්දෙන් ඇහුවා.

"හා.......නේ............දෙයියෝ............බුදුවන්ට.....වරදක්..........නෑ................."

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

වම්බටු...

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.
"වම්බොටු කොහොමද?" රජතුමා ඇසීය.

"රජ කෑමක් රජතුමනි" යැයි අන්දරේ කීය.

දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

"තුඃ නොදකින් ජරා කෑම" රජතුමා කීය.

අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

"මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ"

රජතුමාගේ බිසව...

අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.

දිනක් රජතුමා අන්දරේට කතාකොට

රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

අන්දරේ ඊට එකඟ විය.

මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.

ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.

Monday, April 18, 2011

මුලකුරු...

ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
ළමය : "මම L. B. රත්නායක ".
ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
ළමය : ලොකු බණ්ඩා.
ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
ඔන්න ගිය ඊලග ළමය ලගට
ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

Friday, April 8, 2011

ගේම් ෂෝ - II

අපේ සිංහල jokes එක්ක මුලින් සම්බන්ද වුණ අය දන්නව ඇතිනේ අපේ සිංහල jokes ගෙම් ෂෝ එකක් කළා... මෙන්න ඒ වගේ ඒත් තෑගි ලැබෙන්නේ නැති ගේම් ෂෝ එකක්...

කරන තියෙන්නේ හරිම ලේසි සිම්පල් වැඩක්...

මෙන්න මේ විඩියෝ එක බලලා ඒකෙ වම් පැත්තෙ පිංතුරෙයි දකුණු පැත්තෙ පිංතුරෙයි වෙන වෙනස්කම් තුන මොනාද කියලා කොමෙන්ට් එකක් දාන එකයි...

ඉගිය:
ෆුල් ස්ක්‍රීන් දාල දකුණු පින්තුරෙ වම් අග බලන් ඉන්න...

හී...හී...හී...හිතුවද තුනම කියයි කියලා???

ඒවා කොහෙද...හරි ඔන්න ගෙම් එක පටන් ගත්තෝ...