Tuesday, June 8, 2010

රහස් පරීක්ෂණය...

ෂර්ලොක් හෝම්ස් හා ඩොක්ටර් වොට්සන් රහස් පරීක්ෂක කටයුත්තක් සඳහා කාන්තර
ප්‍රදේශයට ගියෝය. මහ රෑ නින්දෙන් පිබිදුණු ෂර්ලොක් හෝම්ස් විසින් ඩොක්ටර්
වොට්සන් අවදි කරනු ලැබීය.

ෂර්ලොක් - ඩොක්ටර් වොට්සන් නැඟිටලා බලනවා අහසේ මොනවද පේන්නේ කියලා

වොට්සන් - ආ හොඳට තරු පායලා නේ

ෂර්ලොක් - ඉතිං මොකක්ද ඒකෙන් ලැබෙන නිගමනය?

වොට්සන් - ඉහළ අහසේ වලාකුළු රහිතයි. වැලි කුණාටුවක් වැනි අනතුරකට ඉඩක්
නෑ.

ෂර්ලොක් - තව මොනවද පේන්නේ?


වොට්සන් - අපි හරියටම ඉන්නේ දඩයක්කාරයාගේ තරුව යට. ඒ කියන්නේ උතුරු
අක්ෂාංශ 12 සිට නැඟෙනහිරට...

ෂර්ලොක් - නෑ... තාරකා විද්‍යාව නෙවෙයි මම අහන්නේ වෙන මොනවද පේන්නේ?

වොට්සන් - තාරකා ආලෝකය ප්‍රබලයි. ළඟදී හඳ පායන එකක් නෑ...

ෂර්ලොක් - නෑ මනුස්සයෝ. වෙන මොනවද පේන්නේ?

වොට්සන් - ආ... වායුගෝලය හා ජල වාෂ්ප අතින් ගත්තම...

ෂර්ලොක් - නෑ... නෑ... ඔය විකාර නෙවෙයි වෙන මොනවද පේන්නේ...

වොට්සන් - ඒ කියන්නේ සූර්ය ග්‍රහණයක් වගේ එකක් ගැනද?

ෂර්ලොක් - නෑ... මනුස්සයෝ කූඩාරම හොරු ගලවගෙන ගිහිං... ඒකනේ අහසේ තරු
පේන්නේ.