Saturday, May 7, 2011

අවිහිංසාව...

මේක මේ එක්කෙනෙක්ට වෙච්ච සිද්ධියක්...එයාගෙ වචන වලින්ම අහගන්නකෝ...

මගෙ පොඩි එකා තාමත් පෙර පාසල් යන හින්ද... මම වෙලාවක් හම්බ වෙන වෙලාවට හොද නරක පොඩි එකාට කියල දෙනව.....

මේ ලගදි හරි වැඩක් තමයි මට උනේ......... අවිහිංසාව ගැන පුතාට කියල දෙන්න හිතුන නිසා මම කීව්වා..

දැන් පුතේ මම ගමනක් යන කොට දකිනව මිනිහෙක් බූරුවෙක්ට පොල්ලකින් තඩි බානව...

මම ගිහින් ඒ බූරුවාව බේර ගන්නව....

පුතා දන්නවද ඒ වෙලේ මගෙ හිතේ පහල උන ගුණාංගය මොකක්ද කියල........

මේක කියපිනෙ සහෝදර ප්‍රේමය තාත්තෙ කියල...

Saturday, April 30, 2011

මොකක්ද සිද්ද උනේ???

මේ සිද්දිය උනේ අපේ ගෙවල් ලග පොරකට...

මිනිහයි ගෑනියි දෙන්නම පට්ට කලුයි. අපි මිනිහට කියන්නෙත් කළු අයිය කිය.
මේ යකාගෙ ගෑනිට මේ ලගදි පොඩි එකෙක් හම්බ උනා...
‍වැඩේ කියන්නෙ පොඩි එකා තනිකර චීන බබෙක් වගේ.....
මිනිහට මල පැනල.....ඒ මදිවට අහල පහල එවුනුත් නිකන් නක්කල් ටෝක් දෙනව... මිනිහ කල්පනාකරල කරල අහල ගම් හතේවත් චීනෙක් නෑ....
හිකා.... පස්සෙ මිනිහට මීටර් වෙලා අපේ පන්සලේ ඉන්නව චීන හාමුදුරු නමක්....

මිනිහ දුම්මල වරම අතට ගත්ත වගේ ගිහිල්ල හාමුදුරුවෝ හම්බ වෙන්න....
මිනිහ අටුවා... ටීකා... ටිප්පනි නැතිව කෙලින්ම ගේමට බැහැල.....

"හාමුදුරු‍වනේ අපේ ගෑනිට හම්බ වෙලා ඉන්නෙ චීන ලමයෙක්...
අහල ගම් හතටම චීනෙක්ට ඉන්නෙ හාමුදුරුවෝ විතරයි.. මට නිකං බබා හුකුං නැතිව ඇත්ත කියනව හොදයි... මොකක්ද සිද්ද උනේ???"

හාමුදුරුවෝ නෙමෙයි කලබල උනේ... උන්නාන්සෙ අපේ පොරට මෙහෙම වදාලනව...
"මේ ඇත්තො කලබල වෙන්න කාරි නෑ... ස්වභාව ධර්මයා ඉදල හිටල මේ වගේ අරුම පුදුම දේවල් කරනව... විශ්වාස නැත්තම් එන්න උපාසකට මම පෙන්වන්න" කියල...

ඉස්සරහ තන පිට්ටනියෙ තනකොල කකා ඉන්න සුදු එළු රෑනක් පෙන්නුවා...
"එතන ඉන්නව... එක කළු එලුවෙක්... ඒ කලු එලුව පෙන්වලා කියනව..
අර බලන්න තමන්ගේ පිං පව් අනුව කොහොමත් මේ වගේ දෙවල් වෙනව..."

ඒ සීන් එක දැකපු අපේ කළු අයිය පුල් අප්සට් ගහල වෙවුල වෙවුල හාමුදුරුවන්ට ‍වැදගෙන කියනවලු....

"අනේ පිං අයිති වෙයි හාමුදුරු‍වනේ මම අපේ ගෑනිගෙ ප්‍රශ්නෙ අමතක කරල දාන්නම් මේ කළු එලුව‍ගෙ සිද්දියනම් කාටවත් කියන්න එපා..."කීවලු

වෙලාව ගිය දුරක්...

මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට ආ තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී "වේලාව කීයදැ"යි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය. තරුණයා ලැජ්ජාවට පත්ව ඉවත ගියේය. මේ සිද්ධිය බලා සිටි සිරිල් මනෝ වෙත හැරී මෙසේ ඇසීය.

"මොකෝ මිස්ටර් මනෝ අර හාදයා වෙලාව ඇහැව්වාම ඔහේ උත්තරයක් නොදී අහක බලා ගත්තෙ?"

"සිරිල්, තමුසෙ දකින්ඩ ඇතිනේ වෙච්ච දේ. එයාට මම වෙලාව කිව්වා නං මිනිහා මාත් එක්ක කතාවට වැටෙනවා. මිනිහා එතකොට අහන්ඩ බැරි නෑ බස් එකත් ප්‍රමාද හින්දා තේ එකක් බොමුද කියල.

එහෙම එයාගෙන් තේ බිව්වාම මටත් වෙනවා මිනිහට කියන්ඩ අපේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්ඩ කියල. එහෙම ආවහම මිනිහා මගෙ ලස්සන දුවව දකිනවා. මිනිහා දුවව කසාද බඳින්ඩ කැමැතියි කියල කියන්ඩත් බැරි නැහැ.

දුවත් මිනිහට කැමැති වුණොත් එහෙම දෙන්න කසාද බඳියි. මම කොහොමද අයිසෙ ඔරලෝසුවක් ගන්ඩ බැරි එකෙකුට මගෙ දුවව දෙන්නෙ? ඒකයි මං උත්තරයක් නොදී අහක බලා ගත්තෙ." මනෝ කීය.

ඉතුරුවේ තරම !!!

"මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?" කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය.

"ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා." සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය.


සිළුමිණ

හොඳ නැත්තෙ මොනවද???

"ඔහේලගෙ සාප්පුවෙන් අපි අරගත්ත රත්තරන් බඩු බාලයි. අපි කැමැති නෑ ඒ වගෙ බඩු පාවිච්චි කරන්ඩ. කරුණාකරලා මේවා ආපහු අරගෙන අපිට සල්ලි දෙන්ඩ." තමා රන් බඩු මිලදී ගත් සාප්පුවට ගොඩවැදුණු අනුලා සහ චම්පා එහි කළමනාකරු හමුවී කීවෝය.

"අපි එහෙම පොරොන්දු වෙලා නැහැනෙ නෝනා" කළමනාකරු කාරුණිකව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

"මොකද නැත්තෙ? මේ බිලේ තියෙන්නේ ලොකු අකුරෙන් මුද්‍රණය කරලා, "හොඳ නැත්නම් මුදල් ආපසු දෙනු ලැබේ" කියලා" අනුලා කළමනාකරුගේ මුහුණට බිල්පත පෑවේ තරහිනි.

"ඒක හරි නෝනා. නෝනා දුන්න සල්ලි ආපහු දෙන්න ඒවයෙ වැරැද්දක් තිබුණෙ නැහැනෙ" කළමනාකරු සිනාසෙමින් කීවේය.

සිළුමිණ

දෙන්නෙක් නෙමෙයි...

මධුසමය ගතකිරීම සඳහා තානායමට ගිය නිලංක සහ මනෝරි නාන කාමරයට වැදී ඇඟපත සෝදාගෙන අවුත් තමන්හට වෙන් වූ කාමරයේ එක් පසෙක ගලා යන ගඟකට මුහුණලා සාදා තිබූ බැල්කනියේ එක ළඟ තබා තිබූ සුවපහසු පුටු දෙකක වැතිරුණහ.

"මින් පස්සෙ ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්" මනෝරිගේ මුහුණට එබුණු නිලංක ඇගේ දෑත් වැලඳ ගනිමින් කීවේය.

"ඒක මං දන්නව. ඒ වුණාට රෑ කෑම දෙන්නෙකුට ඕනෙ කියල ඕඩර් කරන්න." මනෝරි කීවාය.

සිළුමිණ