බීමත්ව සිටි පුද්ගලයෙක් උසාවියට ගෙනැවිත් තිබිණි.
නඩුව ඇසීමට මොහොතකට පෙර උසාවියේ ඝෝෂාවක් ඇසෙන්නට විය.
විනිසුරු ඔහුගේ මේසයට මිටියෙන් තට්ටු කරමින් "ඕඩර්, ඕඩර්!!" කියා කෑගැසුවේය.
වහාම ක්‍රියාත්මක වූ බීමත් පුද්ගලයා මෙසේ කියා සිටියේ ය.
"ස්තූතියි, උතුමාණනි! මම අරක්කු කාලයි සෝඩා බාගයකුයි ගන්නම්."
Monday, July 19, 2010
Sunday, July 18, 2010
‘වෙරි’ හයිය
එක් අවන්හලකට ගොඩ වූ, නගරයට අලුත් පුද්ගලයෙක් එහි බාර් කවුන්ටරයේ එල්ලා තිබූ දැන්වීමක් කියවන්නට විය. "නොමිලේ බියර් ! පරීක්ෂණය සමත් වීමට හැකි පුද්ගලයාට බියර් නොමිලේ" යනුවෙන් දැන්වීමෙන් කියැවිණි.
දැන්වීම කියැවූ, නගරයට අලුත් පුද්ගලයා බාර්කීපර්ගෙන් පරීක්ෂණය කුමක්දැයි විමසා සිටියේය.
බාර්කීපර් මෙසේ පිළිතුරු දුන්නේය. "ඉස්සෙල්ලා ඔයා අර තිත්ත රසැති මෙක්සිකානු මද්‍යසාර ගැලුම බොන්න ඕන. මුළු ගැලුම ම එක හුස්මට බොන්න ඕන. එසේ බොද්දී මුහුණෙන් අප්පිරියාව පෙන්නන්න බැහැ. ඊට පස්සේ, පිටිපස්ස කාමරයේ ඉන්න, දතක් නරක් වෙච්ච කිඹුලාගේ ඒ නරක් වූ දත ඔබේ අත් දෙකෙන් ගැලවන්න ඕනෙ. ඊටත් පස්සේ, උඩ තට්ටුවෙ ගෑනු කෙනෙක් ඉන්නවා....එයාට හාද්දක් දෙන්න කිසිම පිරිමියෙක්‍ට තාම පුලුවන් වෙලා නැහැ... ඔයා එයාටත් හාද්දක් දෙන්න ඕනෙ."
සියල්ල අසා සිටි, නගරයට අලුත් පුද්ගලයා තම තීරණය ප්‍රකාශ කළේය. " ආ....., නොමිලේ බියර් බොන්න මම කොච්චර ආස වුණත් මම ඒක කරන්නේ නැහැ. මෙක්සිකානු මද්‍යසාර ගැලුමක් බීලා ඊට පස්සෙ තවත් විකාර වැඩ කරන්න ඒ මිනිහා අමු පිස්සෙක් විය යුතුයි." එසේ කී එම පුද්ගලයා විස්කි ඇණවුම් කොට පානය කරන්නට විය.
කාලය ගෙවී යද්දී ඔහුට හොඳට ම වෙරි වන්නට විය. වෙරි මරගාතේ ඔහු "කෝ....කෝ...අර මොකක්ද තියෙනවා කියපු ගැලුම?" කියා ඇසුවේය.
බාර්කීපර් ඔහුට එය පෙන්වීය. අත් දෙකෙන්ම ගැලුම අල්ලා ගත් ඔහු ඇස් දෙකෙන් කඳුළු ගලද්දී එය බීගෙන බීගෙන ගියේය. ඉන්පසු වැටි වැටී පිටුපස කාමරයට ගියේය.
ගතවූයේ මොහොතකි. කාමරය දෙසින් ගොරවන සහ හැප්පෙන බියකරු ශබ්ද අවන්හලේ සිටින පිරිසට ඇසෙන්නට විය. අනතුරුව පැවතියේ නිශ්ශබ්දතාවයකි.
කාමරයට ගිය පුද්ගලයා වැනි වැනී නැවත බාර් කවුන්ටරයට පැමිණියේය. ඔහුගේ කමිසය කීතු කීතුවලට ඉරී තිබිණි. ශරීරය පුරා ලොකු සීරීම් තුවාල පෙනෙන්නට තිබිණි.
"දැන් අර නරක් වෙච්ච දතක් තියෙන කාන්තාව ඉන්නේ කොහේද ?"ඔහු ඇසුවේය.

ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලේ...
ඔන්න ඉතින් මෙයා ලංකාවට ආවම මේ වගෙ කාට උනත් අනිවා මූණ දෙන්න වෙන දේ ඛාන් ටත් උනා. ඒ කියන්නෙ මාධ්‍යවේදීන් විසින් වටකරගෙන ප්‍රශ්න අහන එක..
ඛානුත් ඉතින් පොඩ්ඩක් නැවතිලා මේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
මෙයාට සිංහල බැරි නිසා කට්ටිය ඉතින් ඉංග්‍රිසියෙන් තමා සන්නිවේදනය කරන්නෙ.
ඔය අතර හිටියා හිංදි පිස්සෙක්. මිනිහා නිතර හින්දි චිත්‍රපටි බලන නිසා හින්දි ටිකක් ගැට ගහගන්න පුලුවෙනි. ඉතින් මෑන් වැඩ පෙන්නන්නත් එක්ක ඛාන් ගෙන් ප්‍රස්නයක් ඇහුව, හින්දියෙන්..
"ඛාන් ජී, තුම්හාරේ මේ ක්ෂේත්‍රේ සෙ කේසේ ආගයී?"
ඛාන් තුමා උඩ බිම බැලුවා. ටික වෙලාවක් කල්පනා කරලා මිනිහ එතනින් හෙමිහිට මාරු උනා..
ඉන්පසු...
මාධ්‍යවේදීන්: මොකො මෙයා මාරු උනේ? ඉන්දියාවෙ හිටියට හින්දි තේරෙන් නැද්ද??
ෂාරුක් ඛාන්: මොකක්ද අරූ ඇහුවෙ, මට තේරුනෙ නෑනෙ. ෂික්! මම නොදන්න හින්දිත් තියෙනව වගේ...
ප්‍රශ්නෙ අහපු මාධ්‍යවේදියා: හුටා! දැන්නෙ මතක් උනේ!! "ක්ෂේත්‍රේ" කියන්නෙ සිංහල වචනයක් නෙ!

මෙන්න යාළුවෝ!!!!
සාමාන්‍යයෙන් කාන්තා පාර්ශව කියන කතාවක් තමයි, ඒගොල්ලන්ගේ යාලුවො තමයි හොදම කට්ටිය කියලා.
මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.
නෝනගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!
මහත්තයගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.
ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!!
බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!
මේක කියවන්නකෝ. බලන්න පිරිමි අයගේ යාළුවෝ කොච්චර හොදද කියලා. කැපුවත් පාවලා නම් දෙන්නේ නෑ.
නෝනගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල මහත්තයා නෝනාගෙන් අහනවා.
එතකොට නෝන කියනව එයා (කාන්තා)යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
මහත්තයා, නෝනගේ හොදම (කාන්තා)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ නෝන ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
10 දෙනාම නෝන ඒගොල්ලොත් එක්ක හිටියේ නෑ කියනවා..!
මහත්තයගේ යාළුවෝ
ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ ඇයි කියල නෝනා, මහත්තයාගෙන් අහනවා.
එතකොට මහත්තයා කියනව එයා (පිරිමී) යාළුවෙක්ගේ ගෙදර නැවතිලා හිටියා කියලා.
නෝන, තමන්ගේ මහත්තයාගේ හොදම (පිරිමී)යාලුවෝ 10 දෙනෙක්ට දුරකතනයෙන් කතා කරල අහනවා, එයාගේ මහත්තයා ඒගොල්ලොත් එක්ක හිටියද කියලා.
5 දෙනෙක්ම කියනවා මහත්තයා ඒගොල්ලොත් එක්ක තමයි ඊයේ රාත්‍රියේ හිටියේ කියල.
ඉතුරු 5 දෙනාම කියනවා ඊයේ රෑ විතරක් නෙමෙයි, තාමත් මහත්තයා ඉන්නේ ඒගොල්ලොත් එක්ක කියලා !!! බලන්න කොච්චර හොද යාළුවොද නේ...??!!
Saturday, July 17, 2010
තව මාස 10 ක්
මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.
දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.
"අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න."

ගනුදෙනු කාරයෝ කවුද?
දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.
දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.
"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?
"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.

උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්
Subscribe to:
Posts (Atom)