මැණිකේ විවාහ වුණේ පාසල් දිවියට ආයුබෝවන් කිව්වත් එක්කමයි. ඈ නිළියක් වුණෙත් විවාහයෙන් පස්සෙයි. ඒ වෙන කොට මැදිවියේ පසුවූ ඇයට ඇගේ තරමටම උස මහත රූමත් දියණියකුත් සිටියා.
දවසක් දා කලා පත්තරයක ලේඛකයකු මැණිකේ හා කතා බහ කොට පිටවී ගියායින් පස්සේ දියණිය මැණිකේට මෙන්න මෙහෙම කිව්වා.
"අම්මා, අම්මගෙ වයස කීයයි කියල කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කරුණාකරලා එහෙම වයස කියන කොට මගෙ වයසට වඩා මාස 10 ක් වත් වැඩියෙන් කියන්න."
Saturday, July 17, 2010
ගනුදෙනු කාරයෝ කවුද?
දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතුවලට බාධාවන අන්දමින් අනුලාට නිතර දුරකථන ඇමතුම් ලැබෙන බැව් ගණකාධිකාරිවරයා කිහිපවිටක්ම නිරීක්‍ෂණය කර තිබුණි.
දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.
"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?
"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
දිනක් අනුලා එක දිගට පැය භාගයකට ආසන්න කාලයක් සෙලියුලරයේ එල්ලී හුරතල් වනු දුටු හෙතෙම ඇයට අඬගසා දොස් පවරමින් මෙසේ ඇසීය.
"කවුද අනුලා ඔයාට ඔච්චර ටෙලිෆෝන් කරන්නෙ?
"කස්ටර්මර්ස්ලා සර්..." අනුලා තොදොල් වෙමින් තෙපළාය.

"ඒ කියන්නෙ ගනුදෙනුකාරයො. දෙපාර්තමේන්තුවෙද? ඔයාගෙද?" ගණකාධිකාරි ඇසුවේ මුවඟට සිනාවක් නංවා ගනිමිනි.
උපුටා ගත්තේ සිළුමිණ පුවත්පතින්
ඒ හින්දම තමයි
දන්නෙ කොහොමද?
කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.
ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.
"කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?"එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.
"මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?"
"නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල."
සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසීය.
Friday, July 16, 2010
ගොලුබෙල්ලාගේ වේගය
ගොලුබෙල්ලෝ තුන්දෙනෙක් එකෙකුගේ ගෙදරකට සෙට්වී රා බිව්වේය.අල්ලාප සල්ලාපයේ යෙදීසිටි ඔවුන් රා කලය හිස් වී ඇති බව දැක එක ගොලුබෙල්ලෙකුට තැබෑරුමට ගොස් තව රා කලයක් ගෙනෙන ලෙස පවසා පිටත්කර හැරියහ.නව රා කලය ගෙනෙන තුරු දවස් දෙකක් තිස්සේ බලා සිට හෙම්බත් වූ එක් ගොලුබෙල්ලෙක් මෙසේ කීවේය.
"හපොයි එකනම් හරිම හිමින් යන ගොලුබෙල්ලෙක් තමයි"
එවිට ගෙදර පඩිය ලඟ සිට ගොලුබෙල්ලෙක් කතාකරන හඬ ඇසිනි.
"මම නැතිතන මාව විවෙචනය කරනවට මම කැමති නෑ. එහෙම කරනවනම් මම තැබෑරුමට යන එක නවත්වල ආපහු එනව"
"හපොයි එකනම් හරිම හිමින් යන ගොලුබෙල්ලෙක් තමයි"
එවිට ගෙදර පඩිය ලඟ සිට ගොලුබෙල්ලෙක් කතාකරන හඬ ඇසිනි.
"මම නැතිතන මාව විවෙචනය කරනවට මම කැමති නෑ. එහෙම කරනවනම් මම තැබෑරුමට යන එක නවත්වල ආපහු එනව"
පිස්තෝලය...

නිමල්ගේ නිවස මංකොල්ලකා ඇති බව ආරන්චි වූ විමල් වහා එහි දිවගියේය.
විමල් : "මොකද මචන් උනේ? උන් කීදෙනෙක් ආවද?"
නිමල් : "එක හොරයි ආවෙ.ඌ පිහියක් පෙන්නල අපිව බයකරල සල්ලියි රත්තරන් බඩුයි ඔක්කොම අරන් ගියා."
විමල් : "ඇයි උඹ නිකන් බලන් හිටියෙ? උඹලඟ හැමතිස්සෙම තියන පිසතෝලෙ තිබුනෙ නැද්ද ඒ වෙලාවෙ?"
නිමල් : "හොඳ වෙලාවට හොරා ඒක දැක්කෙ නෑ.මම පිස්තොලෙ ඉනේ ගහගන ශර්ට් එක උඩින් දාගෙන හිටියෙ."
Subscribe to:
Posts (Atom)
