"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.
බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.
"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"
"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.
"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.
Saturday, August 20, 2011
සතුටයි සනීපයයි...
"හහ්! ඕස්ට්‍රේලියාව කොයි තරම් ලස්සන, සුන්දර රටක් ද? කෙනෙක් එහෙ ගියාම කොයි තරම් සතුටක් ද සනීපයක් ද දැනෙන්නෙ" දයානන්ද එක් සති අන්තයක තමා හමුවීමට තම නිවෙසකට පැමිණි සාලියට කීවේ ය.
"ඒ වුණාට තමුසෙ කවදාවත් ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා යැ?" සාලිය කීවේ පුදුමයෙනි.
ඒක ඇත්ත. ඒත් දුවව බලන්න අපේ යමුනා ගිහිල්ලා හය මාසයක් එහෙ ගත කළානෙ. ඒ කාලෙ මං හිටියෙ කොයි තරම් සතුටකින් ද? සනීපයෙන් ද? දයානන්ද කීවේ ඒ සතුට මුහුණෙන් පෙන්වමිනි.

වැළකුණේ මොනවයින්ද???
පෙරේරා අන්කල් ගේ සිය වැනි උපන් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට දූ පුතුන් සහ ඊළඟ පරම්පරාවේ සාමාජිකයෝ අදහස් කළෝ ය. පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එම සාදය සඳහා ආරාධනා ලැබුවෝ ය.
"පෙරේරා අන්කල් මේ තරම් කාලයක් ජීවත් වෙන්න මොනවද පාවිච්චි නොකළේ?" සාදයට පැමිණ සිටි අයිවන්, පෙරේරා අංකල්ට ළං වී ඇසුවේ ය.
"මත්පැන් ද?" සිගරට් ද? අයිවන්ගේ පැනය තවදුරටත් ලිහිල් කරමින් සාදයට පැමිණ සිටි මනෝ ද ඊට එක් විය.
"ඔය එකක් වත් නෙමෙයි මම පාවිච්චි නොකළේ. දොස්තරලව" පෙරේරා අන්කල් කීවේ සිනාසෙමිනි.

Saturday, August 13, 2011
සී-සෑම...
ආයෙත් වැස්ස පටන් ගත්ත හින්ද සීයයි මායි දෙන්න එකතු වෙලා පහල කුඹුර අස්සද්දන අදහස් කලා....
ඔන්න ඉතිං නිවාඩු දවසේ දෙන්නත් එක්ක වැඩඩේට එන්ටර් උනා.හරක් දෙන්නත් ඈදගෙන සීය වෙලට බැස්ස.මට ඉතිං ඕව එච්චර හුරු නැති හින්ද ගොඩට වෙලා හිටිය...
සීය මෙන්න මෙහෙම අඩ හැරේකුත් දාගෙන බැහැලම වැඩ...
ආ..... ඇදපන් පුල්ලියා.... ආ... උඹත් ඇදපන් වයිරා......
ආ.... ඇදපන් මගෙ හදයා..... කෝ ඇදපං... මගෙ කලුවා...
යකෝ හරක් දෙන්නයි බැදල ඉන්නෙ සීය හරක් හතර පස් දෙනෙක්ගගෙ නම් කියනව.මම ඇහුව ඈ බං සීයෙ.. උඹ මොකෑ... ඔය හරක් ගොඩකගගෙ නම් කියන්නෙ කියල...
මුන්දැ කියනව....
නෑ බං මම දෙතුන් දෙනෙක්ගෙ නම් කියන්නෙ මුංට සපෝට් එකට තව එවුන් ඉන්නව කියල පෙන්වන්න... නැත්තම් උන් අදින්න කම්මැලි කොරනව...

Friday, July 29, 2011
දියණියගේ ආදර පලහිලව්ව...
දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.
තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය.
''ඔය ඉතිං එයා ගැන තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය.

Subscribe to:
Posts (Atom)