Sunday, June 5, 2011

නැන්දම්මයි ලේලියි...

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.
"ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල."
"ඇයි කරුණක්කා එහෙම කිව්වේ?" නන්දා ද සිනාසී ඇසුවාය.
"මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා." කරුණා කීවාය.

එඩ්වඩ් චන්ද්‍රසිරි

බේසම...

ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..
මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.

ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.

දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක් දානකම්....

එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ අතේ මොකක් ද පොතක් තියනවා.

හොදට බැලුවම පොතේ "පරචිත්ත විජාණන ඣාණය" කියල ලියල තියනව දැක්කා.

හරි... සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,සරම ගන්න බලද්දි සරම නෑලු.

මලා. ඉතින් මොකකද් කරන්නෙ. හාමුදුරුවන්ටත් මොනවම හරි කියන්න ඕනෙමලු.

ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලන කොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.

මිනිහා බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු.

"ඇත්තටම හාමුදුරුවනේ ඔය පොතේ තියන විදිහට අනුන්ගෙ හිත් කියවන්න පුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල...."

ඉතින් හාමුදුරුවෝ හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම.

" මේ උපාසක මහත්තය දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියල......"

Sunday, May 29, 2011

දර කපන්නා,පොරව සහ බිරිඳ...

අර දර කපන්න කැලේට ගිහින් දර කපද්දි පොරව ගගට වැ‍ටුන සිද්දිය මම හිතන්නෙ හැමොම වගේ අහල තියනව. දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහගන්න.

මේ දර කපන්නගෙ කතාවෙ දෙවෙනි කොටස...

ඉතින් අන්තිමට දර කපන්නට පොරෝ තුනක් ම හම්බ උනානෙ. ඒ කියන්නෙ මිනිහගෙ අවංක කම ගැන පැහැදිලා දෙයියො දුන්නනෙ. ඉතින් මිනිහත් අවංක, අහිංසක, නිහතමානී මනුස්සය නිසා වැඩිය උඩ පනින්ඩ දගලන්ඩ ගියේ නෑ. පාඩුවෙ පරන රස්සාවම කරගෙන ඉන්නව. හැබැයි ඉතින් රත්තරන්, රිදී පොරෝ දේක විකුනල ගත්ත සල්ලිවලින් හොද ලස්සන පොඩි ගේකුයි (මිනිහ මොල කාරය, දන්නව ලොකු ගෙවල් හදන්ඩ ගියොත් ඇනෙනව කියල) දර අදින්ඩ කරත්තෙකුයි එහෙම අරගෙන ටිකක් පිලිවෙලකට ඉන්නව. හැබැයි කරන්නෙ පරන රස්සවමයි.

ඉතින් ඔහොම ඉන්නකොට දැන් ගෙදරට අඩු "වලළු දාපු අතක්" තමයි. කෙල්ලො නම් වැහි වැහැල ලු මිනිහ බදින්ඩ. (ඇයි සල්ලි කාරයනෙ) ඒ උනාට මිනිහ පුලුවන් තරම් හොයල බලල හොද දෑවැද්දකුත් ඒක්ක පට්ට කෑල්ලක් බැන්දලු. දැන් සෙරම හරි කියල තමයි මිනිහ හිතාගෙන ඉදල තියෙන්නෙ.

ඉතින් ඔහොම ටික කාලයක් යද්දි (වැඩි කල් නෑ හය මාසයයි....??????? නෑ..නෑ...බබෙක් නෙවෙයි) හැමෝටම වෙනව වගෙ මෑන්ටත් හිතුනලු මේක කරගත්ත මෝඩකම කියල.

වෙන මොකුත් හින්ද නෙමෙයි, කොයි වෙලාවෙත්:

"කොහෙද යන්නෙ?"
"ඇයි යන්නෙ?"
"කාත් එක්කද යන්නෙ?"
"ඇයි තනියෙන් යන්නෙ?",
"කීයටද එන්නෙ?"
"බ්ලා....බ්ලා....බ්ලා..."

ගොඩයි ලු.

අපිට වගේ නෙවෙයිනෙ, මිනිහට මේක පුරුදු නැති නිසා මල වදයක් වෙලා.

ඔහොම ටික දවසක් යනකොට යනකොට අනවශ්‍ය දේවලුත් අහන්ඩ පටන් ගත්ත ලු.

"මේ.... මම මේ අහන්ඩමයි හිටියෙ... ඔයා දර කපන එක විතරනෙ රස්සාවකට කරන්නෙ. ඉතින් කොහොමද මෙච්චර සල්ලි හබ්බ කරේ...?"

ඉතින් මිනිහත් ඕකට උත්තර දෙන්නෙ නැතිව හැමදාම මග අරිනව ලු. අන්තිමට දවසක් උත්තර නොදී මගාරින්ඩ බැරිම උනා ලු. අනේ අර අහින්සකය සේරම විස්තරේ කියලා වයිෆ් එක්ක.

ඉවරයි! දැන් දන්නවනෙ කට්ටිය මොකද වෙන්නෙ කියල?

දැන් "අනේ මට එතන බලන්ඩ යන්ඩ ඕනෑ!" කියල මල වදයක් දෙනවලු වයිෆ්.

අන්තිමට බේරගන්ඩම බැරි තැන "හරි යමු පෙන්නන්ඩ " කිවුව විතරලු මෙන්න විනාඩි පහෙන් ඇදගෙනත් ඉවරයිලු.

කොහොම කොහොම හරි තැන හොයාගෙන ගිහිල්ල. දැන් වයිෆ්ට මාර ආතල් ලු. දැන් ඉතින් අයෙ ප්‍රශ්න වැලයිලු.

"ආනේ, මෙතනද?"
"ඔයට ෂුවර් ද?"
"කොතන ගහ ද?"
"දෙයිය ආවෙ කොහෙන්ද?"
"කොයි පැත්තෙන්ද?"

අන්තිම ප්‍රශ්ණය: "පොරව වැ‍ටුනෙ කොතනින්ද...?" කියල අහපුවම දර කපන්න කිව්වලු "මෙන්න මෙතනින්" කියල.

එතකොටම "හානේ, මෙතනින්ද?" කියල ගඟට නැමුන ලු. කකුල ලිස්සුව ලු.

"ජබොක්....!!!"

වයිෆ් ගඟේ ලු. මලා! (නෑ තම මලේ නෑ).

මොනව කිවුවත් කලත් වයිෆ් නෙ. දුකට, සැපට, මොකට උනත් අසනීපයක් උනත් ආදරෙන් බලගන්නෙ වයිෆ් නේද?
කියල මිනිහට එකපාරටම මතක්වෙලා. (අපි වගේමයි පොරත්) ඔලුවෙ අත් දෙක ගගහ අඩනව ලු.

"අනේ, මොකක්ද මේ උනේ?"

"මගෙ රත්තරං වස්තූව, මගෙ මැණික, පැටියෝ..." කිය කිය දැන් මර ල‍තෝනි දෙනව ලු.

ඔන්න මිනිහගෙ වෙලාව හොදකම කියන්නෙ, දෙයියා අදත් ඉන්නව ලු වෙලවට ලඟ පාතම. මොකද සීන් එක කියල බලනව ලු දෙයියො දැන්.

"ආ! මෙ අර මනුස්සයනෙ. හරි අවංක මනුස්සය. මොකද දන්නෙ නෑ, මේ පාර වෙලා තියෙන්නෙ" කියල ආවලු ලඟට.

දෙයියො දැක්ක ගමන් මිනිහට දෙයියෙක් දැක්ක වගේ හැපී ලු (ඈ, දෙයියෙක් නේන්නං ආවෙ).

ඉතින් දෙයිය අහනව ලු - "ඒ පාර මොකද දරුවා?"

"අනේ දෙයියනේ විස්තරේ පස්සෙ කියන්නම්. වයිෆ් ගගට වැ‍ටුනා. ඉක්මනට ගොඩට ගත්තෙ නැත්තම් මැරෙයි!"

ඉතින් දෙයිය ඇහැව්වෙ නෑ ලු මොකද පැනල බේරගන්නෙ නැත්තෙ කියල. මොකද එය දන්නවනෙ මෙයාට පීනන්ඩ බෑ කියල.

හැබැයි දෙයියන්ට හිතුන ලු මිනිහා තාම අවංකද කියල බලන්ඩ ඕන කියල. ජබොක් කියල ගගට පැන්නලු. පැනල ටික වෙලාවකින් ගොඩට අරගෙන එනවලු ගෑනු කෙනෙක්ව.

හැබැයි වයිෆ් නෙවෙයි ලු. ඒත් "ජැකොලින් ෆර්ඩිනැන්ඩස්" වගේ ලස්සනයි ලු. දෙවියො හිතුවලු මිනිහ අවංක නිසා මෙ ගෑනුකෙනා නෙවේයි මගෙ වයිෆ් කියයි කියල.

හැබැයි වෙල තියෙන්නෙ වෙන දෙයක්!

"මෙයාද වයිෆ්?" කියල ඇහැව්වලු. මිනිහ පැනපු ගමන් බදාගත්තලු අර ගෑනිව.

"අනේ බොහෝම පිං දෙවියනේ! මේ තමයි මගෙ වයිෆ්".

දෙයියන්ට ෆුල් අප්සට් ලු.

"ඕක තමයි මිනිස්සුන්ගෙ තියන කැත ගතිය. සල්ලි භාගෙ හම්බ උනාම අවංක කම වගේ හොද හතිගුන උන්ට අමතක වෙනව නේද? මටනම් හරිම කනගා‍ටුයි උඔ ගැන. උඔ දුප්පත්කමට ඉන්න කාලෙ උඔ කොච්චර හොඳද? සල්ලි ලැබුන ගමන්ම උඔ වෙනස්වුනා නේද? ඉස්සර වගේ දැං උඹ අවංක නෑ. ලස්සන ගෑනියෙක් පෙන්නපු ගමන්ම උඹ පැනල ඒක බදාගත්ත නේද?" කියල ඇහුවලු.

එතකොට දර කපන්නා කියනවලු:

"අනේ නෑ දෙයියනේ, ඔබ වහන්සේට මම කිව්වනම් මේ මගේ ගෑනි නෙවේයි කියල ඔබ වහන්සේ තව ගෑනියක් ගෙනත් පෙන්නයි. මම ඒ ගෑනිත් නෙවෙයි කිව්වනම් ඔබ වහන්සේ මගෙ ඈත්ත ගෑනිව ගෙනත් පෙන්නයි. මට මේ එක ගෑනියෙක් එක්කම ඉන්ඩ අමරුයි.මම කොහොමද දේයියනේ ගෑනු තුන්දෙනෙක් එක්ක ඉන්නෙ. ඒකයි මම දුන්න මුල ගෑනිවම බර ගත්තේ"

එතකොටලු දෙයියන්ට තේරුනේ සීන් එක.

Saturday, May 28, 2011

බෝම්බයට බොරු කිරීම...

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය.

ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.

සොහොනේ ගල් කිටන්නා...

රෑ බෝවී ගෙදර යමින් සිටි සිරී කෙටි මගක් වූ සොහොන් බිම මැදින් වැ‍ටුනු අඩිපාර දෙසට හැරුණි.
එහි මද දුරක් යත්ම ඔහුට ඇසුනේ යමකට වැරෙන් තට්‍ටු කරනා හඬකි.
මද චකිතයකට පත්වුවත් හිත දැඩි කරගනිමින් ඉදිරියටම ගියේය.
එන්න එන්න ශබ්දය වැඩි වන්නට විය.
ඒ සමඟම ඔහුගේ සිතේ චකිතයද වැඩි විය.
අනතුරුව ඔහු දු‍ටුවේ සොහොනේ කොතක අකුරු කොටමින් සිටින මිනිසෙකි.

අම්බානක මලපැන්න සිරී..
"මොනවද ඕයි තමුසෙ කරන්නෙ? ඕක දවල් කරගන්න එපැයි.
මම හොඳටම බය වුනා හොල්මනක්ද කියලා "

මිනිසා මෙසේ පිලිතුරු දිය,
"තරහා ගන්න එපා අයිබෝං, මේක මේ අද හවස්වෙලා හයි කෙරුවෙ,
ඒත් මේ මිනිස්සු මගේ නම වැරදියට නොවැ කොටලා තියෙන්නෙ"

ඥානවන්ත හක‍රැල්ලා...

සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.

ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.

ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.

ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.

මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.

මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.

හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.

අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.

එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට
පැවසීය.

හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.

ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.

කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.

හක‍රැල්ලා පිලිතුරු දිය.