Friday, July 15, 2011

ගොනාට විතරයි!!!

මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"

1 comment:

  1. ඒකනේ තාත්තා ට කොහොමෙයි ඒක කරන්නේ ???

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...