Friday, July 9, 2010
බස් කොන්දොස්තර...
තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් ඈන්ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි ඈන්ට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි.
"මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව...ගන්නව ගන්නව සල්ලි....කොහෙ යන්න ද ඕයි මේකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තමුසේ තව පටෝනවා....මොකද තමුසේ ඔතන කරන්නේ බැරිනම් බැහැල වෙන එකක එනව...පාගල පලයන් බං. සී. ටී. බී. එකක් අපිව කපාගෙන යනව වගෙයි. ඇරල දාපං....ඔය නාකි එවුන්ට බස් එක නවත්තන්ඩ එපා යකෝ... පරක්කු වෙනවා"
මගී පාර්ෂවය සහ කොන්දොස්තර පාර්ෂවය තනිවම නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කරයි.
පුතාගේ වදන්වලින් කැළඹී ගිය ඈන් ආදරයෙන් පුතු අමතා......
"අනේ පුතේ... ඔයවගේ කථා කරන්න එපා... අපි කවුරුවත් ඔය වගේ කථා කරන්නේ නෑනේ... කොන්දොස්තර මාමලා කියනදේවල් අහගෙන ඉඳලා මයෙ පුතා ඒව කියන්ඩ එපා...මගේ හොඳ පුතානේ". කියා ඔහුට අවවාද දුනි.
ඊට පසු කිසිම සද්දයක් නැතිව බස් රථ ක්‍රීඩාව සිදු වේ. ඈන්ටත් හිනාය... පුතු කරුණාවෙන් මගීන්ට සලකයි.
"ආ.... ඔන්න ඔක්කොමල බහින්න......."
බස්රථය ගමනාන්තයට පැමිණ ඇත. ගමනාන්තයේදී ඇසුණු දෙබසින් ඈන්ට දෙලෝ සිහිවිය.
"මීට වඩා හොඳයි පයිං ආවනම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ...... "
"පරක්කු උන හේතුව ගිහිං අහගණින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කුස්සියේ... තමුසෙට විතරක් නෙවෙයි ඕයි මටත් පාඩුයි. මම ආපු විදිහට ආවනම් මෙලහකට අනිත් ටර්න් එකටත් බස් එක ගහල"

ඉක්මනින් වේලීම...
සිරිපාල සහ ගුණපාල මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් සිරිපාල රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ගුණපාල තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා සිරිපාලව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, සිරිපාල නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.
සිරිපාලගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ගුණපාලව කාර්යාලයට කැඳවා "ගුණපාල, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ .....
ගුණපාල - "ඔව් මට දැන් සනීප තමයි.හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි"

Thursday, July 8, 2010
ඇම්ඩා දෙක වසරේ...
"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "
"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"
"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"
"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"
"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"
"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභ පැතුවලු.
"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.
"ළමයි නෝ හෙල්ලුම්ලු . . "
"සර්ට ටිකක් අප්සට් වගේලු . . "
"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"
"ඒත් ම් . හු ලු . . "
"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "
"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .
"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "
"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "
"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "
"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "
"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "
"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "
"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "
"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."
"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .
"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "
"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "
"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "
"හොඳ වැඩේ නේද පුතේ . . "
"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "
සර්ට කලන්තේ දාලා වැටුනාලු . .

කාර් එක...
සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය.
බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”
සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ”
බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”
සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”
බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?”
සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”
බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා”
සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ.
බිරිඳ - “ඉතිං?”
සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”
බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”
සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.

Subscribe to:
Posts (Atom)