Thursday, June 3, 2010

ඒක එච්චර දෙයක් නෙමෙයි...

තම පෙම්වතිය නංවාගත් රථය ගමන් අරඹා මඳ දුරක් යන තෙක් නිහඬව සිටි ප්‍රේමපාල, තමාට තුරුළු වී සිටින සුමාලි අමතා මෙසේ කීවේය.

"ගෙදර ඔය තරම් මුරකපොලු දාලා තියෙද්දිත් ඔයා ඒවායින් බේරිලා පැනලා ආපු හැටි මට හිතාගන්නවත් බැහැ රත්තරන්"

"මට ඒක එච්චර දෙයක් නෙමෙයි ප්‍රේම්. මේ පළවැනි වතාව නෙමෙයි නේ.." සුමාලි කීවේ හුරතල් වෙමිනි.

ඔළුවට අත සේදීම...

සිරිසේන, සෝමපාලත් සමඟ තැබෑරුමට ගොඩවුණේ තම බිරිඳ තමාගේ යහළුවකු සමඟ පැන යාමෙන් ඇති වූ හිත් අමාරුව නිසාය.
වේටර් ගෙනා අරක්කු වීදුරු දෙකෙන් එකක් එක හුස්මට බිව් හෙතෙම සෝමපාල දෙස බලා මෙසේ කීවේය.

"බැල්ලි, ඒකිට මම කොයිතරම් හොඳ කළත් ඒකි අන්තිමේදි මගෙ ඔළුවට අත හෝදලා, ගුණපාලයත් එක්ක පැනලා ගියානෙ"

සෝමපාල තම මිතුරාට වූ ඇබැද්දිය විග්‍රහ කළේ මෙසේය.

"පැනලා ගිය එක පැත්තකට දාමු. හැබැයි ඒකිට කොහොමටවත් වටින්නෙ නෑ උඹේ ඔළුවට අතහෝදන්න."

හොඳ පුතා...

“අම්මේ, අර ගේට්ටුව ළඟා ඉන්න මිනිහට අම්මගෙ පර්ස් එකෙන් රුපියල් දෙකක් අරන් දෙන්ඩ ද?”
පුතා ඇසුවේ සාලයේ වාඩි වී පුවත්පතක් බලමින් සිටි තම මව ගෙනි.

“මගෙ හොඳ පුතා, කෙනෙකුගෙ දුක දැක්කම උණු වෙන හදවතක් පොඩි කාලෙ ඉඳලම තියෙන එක ලොකු දෙයක්. මොකද පුතා ඒ මිනිහා හිඟා කන්නෙ, මක්වෙලා ද?" මව ඇසීය.

“නෑ අම්මේ, මම ඒ මිනිහාගෙන් අයිස් ක්‍රීම් එකක් අරගෙන කෑවා.”

Wednesday, June 2, 2010

පරණ බඩු...

සෙනසුරාදා මද්දහනේ වසන්තා තට්ටු නිවාසයේ ජනේලයෙන් පහළ පාර දෙස බලා සිටියේ ටියුෂන් පන්තියකට ගිය තම දියණිය පැමිණෙන්නේ දැයි විපරම් කරමිනි.
බර කිරණ තරාදියක් සහ ගෝනියක් අතින් ගෙන පාර දිගේ ආ මිනිසෙක්, වසන්තා දැක උඩ බලමින් උස් හඬින් මෙසේ කීය.
“නෝනා, පාව්චිචි කරන්ඩ බැරි පරණ බඩු තියෙනවා නං ගන්නවා.”
වසන්තා ද කටහඬ මඳක් උස් කොට මෙසේ පිළිතුරු දුන්නා ය.
‘හවසට වරෙන්. දැන් මහත්තයා ගෙදර නෑ.”

බබාලා විතරයි...

සමීක්ෂණයක් සඳහා කොළඹට සමීප නගරයක නිවෙසක් වෙත ආ එන්ජීඕ නිලධාරියා එහි ගෙහිමියා ගෙන් මෙසේ ඇසීය.

"මේ නගරෙ ප්‍රභූ වරු හෙම ඉපදිලා තියෙනවද?"

"අපොයි නෑ සර්. බබාලා විතරයි."

තුන් සරණේ හරිද???

ව්‍යාපාරිකයෝ සතර දෙනෙක් එක් සති අන්තයක උතුරේ සවාරියක් ගොස්, නාගදීපය බලා යාමට බෝට්ටුවකට ගොඩ වූහ.
ඉන් එක් අයෙක් මුස්ලිම් භක්තියකු වූ අතර ඉතිරි තිදෙනා බෞද්ධයෝ වූහ.
ගමන ඇරැඹී බෝට්ටුවට මුහුද මැදට පිවිසෙත් ම බෝට්ටුවේ ඇන්ජිම ක්‍රියා විරහිත වී, බෝට්ටුව වේගයෙන් ගැහෙන්නට විය.
සිදුවීමට යන විපත ගැන ඉව වැටුණු බෞද්ධයෝ තිදෙනා, තුන් සරණේ කවි කියන්නට පටන් ගත්තේ ඉන් පිළිසරණක් පතමිනි.
මෙය අසා සිටි මුස්ලිම් වෙළෙන්දා ඉතිරි තිදෙනා දෙස නොසතුටින් බලා මෙසේ කීය.
‘චී... චී... මෙතන අපිලා ඔක්කොම හතර දෙනයි. තමුසෙලා තුන් සරණේ විතරක් කියනවා. හතර සරණේ තමා කියන්ඩ ඕනේ...?