Wednesday, May 19, 2010

හා එහෙනම් කියන්න ....

ජීවිකාව පිණිස තාරාවන් මරා ගෙයින් ගෙට ගොස් අලෙවි කරන්නෙකු දිනක තම තාරාවන්ද රැගෙන නිවසකට ගොඩවුණි. ඒ නිවසෙහි වාසය කරන්නා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. වෙළෙන්දා බියගන්වා තාරාවෙකු නොමිලේ ඩැහැ ගැනීමට සිතක් පහලවූ ඔහු ...

පොලිස් නි. - "හා... තමුසෙට වෙළෙඳාම් කරන්න ලයිෂමක් එහෙම තියෙනව ?"
වෙළෙන්දා - "ඔවි ස..ර්" 


කියමින් සිය ලයිෂම පෙන්වීය. පොලිස් නිලධාරියා වෙළෙන්දා අත හුන් එක් තා‍රාවෙක් රැගෙන තාරා‍වාගේ ගුදයේ ඇඟිල්ලක් ගසා මුවට ලංකර "මූ අහවල් පලාතේ... අහවල් කැලෙන් අල්ලගත්ත එකෙක්, උඹට ඒ කැලේ වෙඩිතියන්න ලයිෂන් තියෙනවද ?"

වෙළෙන්දා - "ඔවි ස..ර්, ස..ර්. නම් මා ර යි"

කෙසේ හෝ වෙළෙන්දාව හසුකරගැනීමට තාරාවන් සියළු දෙනාවම පෙර පරිදි පිරික්සූ නිලධාරියාගේ කාර්යය සාර්ථක නොවූයේ වෙළෙන්දා අත අදාල සියළු පලාත්හි දඩයම් කිරීමට බලපත්‍ර තිබූ නිසායි. වෑයම අසාර්ථකවූ පොලිස් නිලධාරියා

පොලිස් නි. - "තමුසේ කොයි පලාතෙද ඕයි!"

ඇඳසිටි සරම ඉස්සූ වෙළෙන්දා පොලිස් නිලධාරියා ට ගුදය පා....

වෙළෙන්දා - "හරි එහෙනම් කියන්න බලන්න මම කොයි පලාතෙද කියලා...."

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...