මැදපෙරදිග රැකියාවකට ගොස් සිටි කාන්තාවක් වසර පහකට පසු ආපසු පැමිණියාය.නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියාගෙන් විමසුවේ මෙසේය.
"දරු දෙක මොක....."
බිරියගේ මේ අණ්‌ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.
ඉන් පසු කුස්‌සියේ තිබුණු කොස් ගෙඩියක් දුටු ඇය "මේ බොල් බොල් මොක" කියා සැමියාගෙන් ඇසුවාය.
අමුතු භාෂාව ඇසීමෙන් සැමියා මහත්සේ කෝපයට පත්විය.
"මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා" ඔහු තමාටම කියා ගත්තේය.
"ෂර්ට් එක ඉරිල. මොක........" ඇය යළිත් සිය අප්‍රභංශ භාෂාව පටන් ගත්තාය.ඔහුගේ කෝපයේ රතු ඉර පැන්නේය.
ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක් ගැසුවාය.
ඒ සමඟම ඇය "බුදු මාමේ... මෙන්න මාව මරන්න හදනවෝ..... මාව බේරා ගනියෝ........." යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥතියකුගේ නිවස කරා දිව ගියාය.
Monday, January 17, 2011
ඒ එයා පොඩි කාලේ!!!
විදේශීය සංචාරකයෙක් එක්‌තරා රටක කෞතුකාගාරයක් නැරඹීමට ගියේය.
එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස් කබලක් දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.
"මේ හිස්‌කබල කාගේද?"
"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."
එයට මඳක් ඔබ්බෙන් තවත් කුඩා හිස් කබලක් තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස් කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.
"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.

Subscribe to:
Posts (Atom)