Wednesday, May 19, 2010

ගිරවියෝ

ඈන් - අනේ බලන්ඩකෝ බ්‍රදර්, මගේ ගිරවියෝ දෙන්න මේ වගේ යාඥා කරන්නෙ නෑනේ. උන් දෙන්න ලඟට ඕන කෙනෙක් ගිය ගමන් “ඇයි සැපක් ඕනිද?” කියලා අහනව. ලැජ්ජාවේ බෑ.

බ්‍රදර් - ඕහ් ! මම කියන්නද, ඔය ගිරවියෝ දෙන්න ගේන්න මෙහෙ. මේ කූඩුවට දාල ටික දවසක් ගියහම මගේ ගිරව් දෙන්න ගිරවියෝ දෙන්නට යාඥා කරන්න උගන්වයි. 


ඈන් - ලොකු උදව්වක් බ්‍රදර්.

ටික දවසකින් ඈන් ගිරවියෝ දෙන්නා රැගෙන බ්‍රදර් හමුවීමට යයි. බ්‍රදර් ඔහුගේ ගිරා කූඩුවට ඈන්ගේ ගිරවියන් දෙදෙනා ඇතුල් කරයි. දින කීපයකට පසු

බ්‍රදර් - හරි වැඩේනේ ඈන්! උනේ.
ඈන් - ඇයි බ්‍රදර් ?

බ්‍රදර් - ඔයාගේ ගිරවියෝ දෙන්න හින්ද මගේ ගිරව් දෙන්න යාඥා කරන එක නවත්වලා. දැන් උන් කියන්නේ “යාඥාවේ ප්‍රතිඵල ලැබුණා.....දෙවියන් වහන්සේට ස්තූතියි !” කියලා විතරයි.

ඈන් - ගිරවියෝ !!

බ්‍රදර් - උන් දෙන්න මුකුත්ම කියන්නේ නෑ.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...