Friday, July 15, 2011

බුදු මල්ලියේ හෙමින් වරෙන්...

රැවුල කැපීම...

දවසක් එකෙක් ගියාලු saloon එකකට රැවුල shave කර ගන්න...

මිනිහ කිවුවලු බාබර්ට වෙනදට වඩා හොදට shave කරන්න කියල...

බාබර් "හා, හොදයි" කියල දුන්නලු ලී බෝලයක් කටෙ දාගන්න..

කොහොම හරි වැඩෙ වෙනදට වඩා හොදට සිද්ද උනාලු...

රැවුල කපා ගන්න ගිය එකා ඇහුවලු " වැරදිලාවත් මෙ බෝලෙ ගිලුනොත් මොකද කරන්නෙ" කියල..

බාබර් කිවුවලු "අයියෝ ඹික මොකක්ද,අනිත් අය කලා වගේ ඊලග දවසෙ ගෙනත් දෙන්නකො "...

ගොනාට විතරයි!!!

මෙය තරමක් ගම්බද පෙදෙසක සිදුවූ සිදුවීමකි.

මහත් වෙහෙසක් දරමින් එළදෙනක් ඇදගෙන යමින් සිටි කුඩා දැරිය දුටු කාන්තාව මහත් අනුකම්පාවෙන් දැරිය ඇමතුවාය.
"දෙයියනේ! මොකක්ද ඔය ළමය ඔය කරන්නේ???"
"මම මේ අපේ එලදෙනව ගොනා ගාවට එක්කන් යන්නයි හදන්නේ!" දැරිය පිලතුරු දුන්නාය.
"බලන්න ඕක ඔයා වගේ පොඩි ළමයෙකුට කරන්න පුළුවන් වැඩක්ද? ඇයි ඔය වැඩේ ඔය ළමයගෙ තාත්තට කරන්න බැරිද?" කාන්තාව ඇසුවේ මදක් තරහිනි.
"බෑ නෝනා අපේ තාත්තට ඒක කරන්න බෑ! ඒක ගොනෙක්ම තමා කරන්න ඕන!"