Showing posts with label දොස්තරලගෙ කතා. Show all posts
Showing posts with label දොස්තරලගෙ කතා. Show all posts

Friday, April 20, 2012

පුලුවන්නම් උත්තර දීපල්ලා...

1. කැලේ හදුනා වැදුන ටාසන්ට ඊ රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

 7. ඇයි ගම ඒවා දාල තියෙන පෙට්ටියේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උද නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න.

Friday, December 30, 2011

පිස්සු කතාවක්...

එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

කථාව එව්වේ: විරාජ් මලයා

Friday, November 11, 2011

වල් පරයා...

එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.

මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.

ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".

මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.

ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".

මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

Saturday, August 20, 2011

බෙහෙතෙ බලේ...

"මොකද්ද ඔහේගෙ ලෙඩේ?" තමා වෙත පැමිණි කොළඹගේ ගෙන් වෛද්‍යවරයා ඇසීය.

"මම ආවේ බෙහෙත් ගන්ඩ නෙමෙයි ඩොක්ටර්. ඔබතුමාට ස්තුති කරලා යන්ඩ." කොළඹගේ සිනාසී කීවේ ය.

"ඒ මොකටද?" වෛද්‍යවරයා තරමක් පුදුම වෙමින් සිනාසී ඇසීය.

"පසුගිය සුමානෙ අසනීප වෙලා ගෙනා වෙලාවේ අපේ මාමණ්ඩියට දුන්න බෙහෙත් බෝතලේට" කොළඹගේ කීවේ ය.

"ආ ඒ බෙහෙතෙන් ලෙඩාට හොඳ වුණා ද?" වෛද්‍යවරයා සිනාසෙමින් ඇසීය.

"නෑ... ඒ බෙහෙත් බෝතලෙන් භාගයක් බොන කොට ම අපේ නෝනට, තාත්තාගෙ දේපළ අයිති වුණා..." කොළඹගේ හිස නමා තම කෘතඥතාව පළ කරමින් කීවේ ය.

Sunday, July 3, 2011

තාක්ෂණික මෙවලම්...

තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි .
"සුරේන් මොනාද ගෙනාවේ"
"වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්"
"එතකොට මදුර"
"මන් ගෙනාවා ටීචර් රේසර් එකක්"
"මේකෙන් රැවුල කපන්න පුළුවන්"
"එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද"
"ගේනවා ටීචර්.. ඒක එළියේ"
ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ
"මොකද්ද මේ"
"මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්"
"මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද"
"නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය"
"ඒ ඇයි??"
"මේක එයාට දාලයි තිබුනේ"

Saturday, May 21, 2011

අපූරු බෙහෙත...

චිත්‍රපට නිෂ්පාදක දැරණියගලට තම උදරය වුවමනාවට වඩා ඉදිරියට නෙරා ඇති බව දැනුණේත් එය අසුන්දර ලක්ෂණයක් බව වැටහුණේත් ඔහු සමඟ මෑතකදී හාද වූ චිත්‍රපට නිළි කුසුම්රාණි, තමා හා තනිවූ මොහොතක කළ සරදමක් නිසාය. ඔහු වහා විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තම උදරය අඩුකර ගැනීම සඳහා ප්‍රතිකාර පැතීය...

වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු දැරණියගල කෙළින්ම ගියේ කුසුම්රානි ගේ නිවෙසටය. ඔහු පෙති පිරවූ ලොකු බූලියක් ද රැගෙ එනු දුටු කුසුම් දෑස් මහත් කොට මෙසේ ඇසුවාය...

"මගෙ අම්මෝ! ඩගී මේ පෙති ඔක්කොම බොන්ඩද?"

"නෑ.. නෑ.. ළමයෝ බොන්ඩ නෙමෙයි. ඩොක්ටර් කිව්වේ උදේ හවස මේ පෙති ගෙදර සාලෙ මැද්දෙ හලලා, එකින් එක අහුලලා ආපහු බූලියට දාන්ඩ කියලා. ඒ විදියට මාසයක් කළාම බඩ හොඳටම බහියි කියල ඩොක්ටර් කිව්වා." දැරණියගල කීවේ බඩ අතගාමිනි...

සිළුමිණ

Thursday, March 17, 2011

වයසක අංකල් කෙනෙක්...

ඊයෙ හවස අපේ සීයගෙන් බෙහෙත් ගන්න ගොඩක් ලෙඩ්ඩු ඇවිත්
සෙනග වැඩි හින්ද සීය මට කීව කොල්ලො ලෙඩ්ඩු ටිකක් බලපන්කො කියල
ඉතිං ඔය අතරෙ අවුරුදු 80 ක විතර වයසක අංකල් කෙනෙක් ආව...

මම ඇහුව මොකක්ද උන්නැහෙගෙ ලෙඩේ කියල

මුන්දැ කියනව මහත්‍තයෝ මගෙ මේ එක කකුලක් හිරිවැටිල...
අඩිය තියද්දි කටු ඇනෙනව වගේ ... එහෙම වෙන්නෙ ඇයි කියල

මම කීව වයසට යද්දි ඔහොම තමයි අංකල් කියල

ඒ පාර මේ යකා කියපි ඉතිං මහත්තයෝ මගෙ කකුල් දෙකම එක වයසෙනෙ
ඇයි එහෙනම් අනිකට එහෙම නැත්තෙ කියල...

මම කීව උන්නැහෙ ලොකු වෙද මහත්තයාගෙන්ම බෙහෙත් ගන්න කියල මම නැගිටලා ආව..

Monday, March 7, 2011

එළදෙනගේ නැට්ට...

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..
"මොකක්ද ඔහේට උනේ..???"

"අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...
ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
ඒත් හරි ගියේ නෑ...
අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ...හී...හී..හී...

ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..
ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

"මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."

"අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."

Saturday, January 15, 2011

කතාකරන්නෙ කොහොමද?

“අනේ මහත්තයො අර විසිතුනේ ඇදේ ලෙඩාට දැන් කොහොමද?” පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
එබෙමින් ඇසුවාය.

“ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.” දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.

“කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ” කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

Saturday, December 11, 2010

තව නවයයි!!!

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියෙකු පරීක්‌ෂාකර බැලීම සඳහා වෛද්‍යවරයකු ගියේය.

රෝගියා පරීක්‌ෂා කිරීමෙන් පසු වෛද්‍යවරයා මෙසේ පැවසීය.

"ඔබට ජීවත්වීමට ඇත්තේ තව දහයයි."

"දහය මොනවද? අවුරුදු ද මාසද, දවස්‌ද, පැයද නැත්නම් විනාඩිද?" රෝගියා ඇසුවේය.

"තව නවයයි." වෛද්‍යවරයා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.

Sunday, December 5, 2010

සිංහල බබෙක්

උදිතා පේ‍්‍රමපාල ව කසාද බැන්දෙ එංගලන්තෙ යන්ඩ ඔන්න මෙන්න කියල. ලන්ඩන් නුවර වාසය අරඹලා අවුරුදු පහක් ඉක්ම ගියත් උදිතාට දරුවෙක් ලැබෙන පාටක් නැහැ. උදිතා වගේම පේ‍්‍රමපාලත් දරු පැටියෙකු ගෙ මූණ බලන්ඩ බොහොම ආසාවෙන් හිටියෙ.
අන්තිමේදී උදිතා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ ස්ත්‍රී රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් ව මුණ ගැසුණා. දොස්තර උදිත ගෙ කථාව අහගෙන හිටියේ කිසිම තෙත් ගතියක් නැතුව කිසිදු කරුණාවක් නොපෙන්වා, දොස්තර මහතා උදිතාට මෙහෙම කිව්වා.

"ගලවනවා ඔය ඇඳුම්. දැන් දිගාවෙනවා ඔය ඇඳ උඩින්."

උදිතා තිගැස්සුණා. ඈ ටිකක් අදිමදි කරමින්, බයෙන් වගෙ දොස්තරට මෙහෙම කිව්වා.

"අනේ ඩොක්ටර්, මට ඕනෑ කරල තියෙන්නෙ සිංහල බබෙක්."


Wednesday, August 18, 2010

පැන්සල වෙනුවට පෑන

එක් සවස් වරුවක සිල්වා දොස්තර මහතා තම ඩිස්පෙන්සරියේ ලෙඩුන් පරීක්‍ෂා කරමින් සිටිද්දී දුරකථනය නාද වන්නට විය. දොස්තර මහතා ලෙඩකු පරීක්‍ෂා කරන අතරතුරේම රිසීවරය කනේ තබා ගත්තේය.

ඒ කථා කළේ දොස්තර සිල්වා තම පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකූ හිතවත් කාන්තාවකි.

"හලෝ, ඩොක්ටර් සිල්වා. මම මිසිස් ගජනායක. බලන්නකො ඩොක්ටර් වුණ වැඩක හැටි. අපේ පුතා, මේ දැන්, මම ලිය ලියා හිටපු පැන්සල ගිල්ලනෙ. අනේ මම දැන් කරන්නේ මොකක්ද ඩොක්ටර්?" ගජනායක මහත්මිය ඉතා නොඉවසිල්ලෙන් කියනවා ඇසුණි.

"ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු පිරිලා, මිසිස් ගජනායක. මෙතනින් නිදහස් වෙන්න, මට අඩුම ගණනේ පැය දෙකක් වත් යාවි. මේ ලෙඩ්ඩු ටික බලලා මම පුළුවන් තරම් ඉක්මනට ඇවිත් පුතා ගිලපු පැන්සල අරගෙන දෙන්නම්. එතකං පෑන පාවිච්චි කරන්න පුළුවන් නේද?" සිල්වා දොස්තර මහතා පිළිතුරු දුන්නේය.

Monday, August 2, 2010

සීනි පෙට්ටිය

ඔහු කුස්සියට පැමිණ සීනි පෙට්ටිය විවෘත කළේය. ඇතුළත බලා එය වසා දැමීය.
බිරිය මේ සියල්ල බලා සිටියාය.

යළිත් කුස්සියට පැමිණි ඔහු සීනි පෙට්ටිය ඇරියේ ය. ඇතුළට එබිකම් කළේය. පෙට්ටිය වසා දැමුවේය.

"ඔයා මොනවද ඔය කරන්නේ. අරිනවා... බලනවා... වහනවා" බිරිඳ ඇසුවාය.

"දොස්තර මට කිව්වා නිතරම ‘ෂුගර් ලෙවල්’ එක චෙක් කරන්න කියලා" ඔහු පිළිතුරු දුන්නේ ය.

Friday, July 23, 2010

දොස්තරගේ විවේක කාමරය

"ඔබ ආවේ ඇයි?" කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති. කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය. මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය. මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.

අවුරුදු 86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

"ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?" කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.

"මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවා." මහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.
"මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැ" ඇය කියා සිටියාය.
"ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වා" යැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

"ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා. ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා."

"පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණා" කියූ මහලු පුද්ගලයා එතැනින් පිටව ගියේය. මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.
පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව "ඔව්!" කීවාය.

"මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවා" මහළු පුද්ගලයා කීවේය.

හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන් ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම
"ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?" කියා ප්‍රශ්න කළාය.

"මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැ" යැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය.

Tuesday, July 13, 2010

ට්‍රින්කො...

මානසික රෝහලේ සිටි එක් රෝගියෙකු නිතරම කුඩා දරුවෙකු මෙන් කාර් පදී. කොහේ ගියත් දෑත ඉදිරියට දමාගෙන . ඈම් ඈ......ම් කියමින් හේ ගමන් ගනී. මානසික රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකන හෙදියන් ඔවුන්ගෙන් සුවදුක් විමසයි.

සුදත් ද මානසික රෝගියෙකි. ඔහුගේ නිවස ලෙස ඔහු පවසන්නේ හෙදියන්ගේ වැසිකිලියටයි. දිනක් වැසිකිලයට යන හෙදියක් ඒ අසලින් ගිය සුදත් ගෙන් මෙසේ ඇසීය ..

"අද කොහෙද සුදත් යන්නේ..... ඈතකද ?"

වාහනය හෙදිය අසල නැවතූ සුදත්, "ඔව් මම අද ‍ට්‍රින්කො යනවා"

හෙදිය යටි හිතින් සිනාසෙමින් වැසිකිලියට ගියාය. ඇය වැසිකිලියෙන් එලියට දොර අරිනවාත් සමගම රෝහලට අළුතින් ආ මානසික රෝගියා ඇඹරෙමින් වැසිකිලියේ දොර ලඟ සිටී.

හෙදිය - "ආ..... ඔයා මොකද මෙතන කරන්නේ......"

රෝගියා - "සුදත් අද ට්‍රිංකො ගියා....... ගෑණි තනියම හින්ද මට ගේ බලාගන්න කියලයි ගියේ...... ගෙදරත් කවුරුවත් නැති හින්ද ඇතුලට යමුකො සුදෝ......."

Friday, July 9, 2010

ඉක්මනින් වේලීම...

සිරිපාල සහ ගුණපාල මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් සිරිපාල රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ගුණපාල තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා සිරිපාලව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, සිරිපාල නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.

සිරිපාලගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ගුණපාලව කාර්යාලයට කැඳවා "ගුණපාල, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ .....

ගුණපාල - "ඔව් මට දැන් සනීප තමයි.හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි"

Sunday, June 27, 2010

පිස්සෝ ඉන්න තැන...

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

"අපි ආවේ පත්තරෙන්... අපිට අවශ්‍ය වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්..." ඔවුන් දෙදෙනා තම අවශ්‍යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

"ආ... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ඒ ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න." කියමින් වෛද්‍යවරුන් සඳහා වූ පොදු කාමරය පෙන්වීය.

Saturday, June 26, 2010

මොන දීමක් ද???

පශු වෛද්‍යවරයා එළදෙන හොඳින් පිරික්සා බලා වතුර බේසමෙන් අත සෝදා ගන්නා ගමන් ජේම්ස් ගෙන් මෙසේ ඇසී ය.

"ඈ ජේමිස් උන්නැහේ. මේ එළදෙන කොච්චර විතර කිරි දෙනවද?"

ජේමිස් කරේ තිබූ අමුඩ ලේන්සුව අතට ගනිමින් මෙසේ කීය.

"අනේ දොස්තර මහත්තයො මේ එළදෙන එක බිංදුවක් වත් දෙන්නෙ නැහැ. මට දොවා ගන්ඩයි වෙලා තියෙන්නෙ..."

Monday, June 21, 2010

කළ උදව්ව...

වෛද්‍ය ගුණසේකර එම ප්‍රදේශයේ නිවැසියන් අතර බොහෝ ජනප්‍රිය වෛද්‍යවරයෙකි. හේ දිනක් සවස තම චිකිත්සාගාරය වෙත යමින් සිටියදී කොළඹගේ මුණ ගැසුණි.

"කොහොමද මිස්ටර් කොළඹගේ වාසදේස? අර මම දීපු බේත්වලින් ඔහෙගෙ නැන්දම්මට සනීප වුණාද?" දොස්තර මහතා ඇසීය.

"දොස්තර මහත්තයට බුදු බව අත්වෙන්න උන්දෑ නිවන් දැක්කා" කොළඹගේ පිළිතුරු දුන්නේ කෘතඥතාපූර්වකව හිස නමමිනි.

Sunday, June 20, 2010

පිස්සෙක් වත්ද???

දිනක් උදෑසන අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන කාර්යාලයේ දුරකතනය නාදවන්නට විය. රෝහලේ පාලන අංශය භාර අධ්‍යක්ෂවරයා රිසීවරය කනේ තබාගත්තේය.

”හලෝ ඔහෙලගෙ පිස්සන් කොටුවේ ලෙඩෙක් හෙම ඊයෙ රාත්තිරියෙ පැනලා ගිහිල්ලද?” දුරකථනයේ එහා කෙළවරින් ඇසුණි.

”නෑ.... ඇයි එහෙම ඇහැව්වේ?” නිලධාරියා ඇසුවේ කුතුහලයෙනි.

”නෑ කවුද පිස්සෙක් මගෙ නෝනත් එක්ක පැනලා ගිහින්” අනෙක් කෙළවරින් කියනවා ඇසුණි