මේ වතාවේ පිස්සන් කොටුවේ පාලනය භාරගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තරමක් දැඩි ගතිපැවතුම් ඇත්තෙක්. ඒ නිසාම සෙසු කාර්යමණ්ඩලය විතරක් නෙමෙයි වෙනදාට නිදහසේ එහෙ මෙහේ කරක්ගහපු, තරමක් සුවයලබා සිටි පිස්සන් කැලටත් තමන්ගේ සුපුරුදු නිදහස යම්තාක්දුරකට අහිමිවෙලයි තිබුණේ. කොහොම වුනත් මේ හේතුවෙන් ඉහත කී දෙගොල්ලන්ම තමන් කෙරෙහි නොකැමැත්තෙන් පසුවන වග ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාටද රහසක් වුනේ නැහැ.
දවසක් රාජකාරි නිමා කොට තම පෞද්ගලික මෝටර් රථය වෙත පැමිණි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තම දුරස්ථ පාලකයෙන් එහි දොර‘ගුල් හැරියා පමණි, පිහියක් අතින්ගත් පිස්සෙක් දොර අවුරා නැගීසිටියේය. තත්වයෙහි බරපතල බව තේරුම්ගත් වෛද්‍යවරයා වහා තම දෙපා වලට දිරි දෙමින් ඉවතට දිවයන්නට විය. පිස්සාද නොනැවතී ඔහු පසුපසින් පන්නන්නට විය. උදව් ඉල්ලා කෑගැසුවද වෙනදාට එහෙ මෙහේ රස්තියාදුවන සුළුසේවකයන් එකකුවත් පෙනෙන්නට හිටියේද නැත. ( ලොක්කාම දමපු නීති නොවැ). වෛද්‍යවරයාට තම විසල් උදරය සහ තරබාරු සිරුර ඔසවාගෙන වේගයෙන් දිවයන්නටද නොහැකිය. අභාග්‍යයක තරම. පය පැටලී වෛද්‍යවරයා බිමපතිත වීම නිසා ධාවන තරගය සුළුවේලාවකින්ම අවසන්විය.
පිහිය අමෝරාගත් පිස්සා මහ හඩින් සිනාසී පියවරෙන් පියවර බර අඩිතබමින් වෛද්‍යවරයා වෙත ලංවිය. තැතිගත් වෛද්‍යවරයා දෑස් තදින් වසා ගනිමින් මීලගට එලඹෙන අමිහිරි අත්දැකීම විදදරාගැනීමට සිය හදවත සූදානම් කරගත්තේය. ඊලග මොහොතේදී මෙතෙක් මිට මොලවාගෙන සිටි සිය වම් අත දිගහරිමින් එහි වූ කුඩා උණ අඹයකින් පෙත්තක් කපා වෛද්‍යවරයා වෙත දිගුකල පිස්සා මෙසේ කියාසිටියේය.
"අය්යෝ...... සර්ලට අඹකෑල්ලක් දෙන්න තියෙන අමාරුව.???????."
කථාව එව්වේ: විරාජ් මලයා