Friday, November 11, 2011

වල් පරයා...

එක්තරා මහතෙක් බඩේ අමාරුවකට ප්‍රතිකාර ගන්න දොස්තර මහතෙක් හමුවෙන්න ඔහුගේ බෙහෙත් ශාලවට ගියා.මේ ඩොක්ටර් මේ මහතාට දුන්න බෙහෙත් එකක්.

මේ බෙහෙත් එක බොන එකක් නෙවෙයි. මේ බෙහෙත ඔහුගේ අධෝ මාර්ගයට ඇතුල් කර ගත යුතුයි.මේක අධෝ මාර්ගයේ සෑහෙන්න ඇතුලට දැම්මොත් තමයි හොඳම ප්‍රතිපල ගන්න පුලුවන් කියලා මේ දොස්තර ඔහුට කියලා දුන්නා.

ඉතින් දොස්තර ග්ලවුස් එකක් දාගෙන මේක ඉස්සෙල්ලාම මේ මහතාට නැමෙන්න කියලා,අධෝ මාර්ගයේ ඇතුලටම දැම්මා.මේ මහතාට තරම වේදනවක් දැනුනා.ඊට පස්සේ ඔහුට කීව "ඉතිරි එක ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ දාන්න".

මේ මහතා ගෙදර ගිහිල්ලා පැය 6කට පස්සේ තමාම දාගන්න උත්සහකලා.ඒ වුනාට එච්චර දුර දා ගන්න බෑ.පස්සේ බිරිඳට කතා කරා.බිරිඳ ඔහුට නැමෙන්න කියලා දාන්න උත්සහ කලා .ටිකක් අමාරුයි.ඊට පස්සේ ආපහු ඔහුට නැමෙන්න කියලා බිරින්ද එක අතක් ඔහුගේ කර උඩ තියාගෙන අනික් අත අධෝ මාර්ගයට දාලා මේක කොහොම හරි ඇතුල් කලා.

ඔන්න එක පාරම මේ මහත්තයා කේන්තියෙන් කෑ ගහනවා " වල් පරයා.... " කියලා.බිරිඳ අහනවා "මේ මොකද ඔයාට තද වෙලා මට බනින්නේ".

මේ මහත්තයා කියනවා " ඔයාට නෙවෙයි අර දොස්තරයා ඔය බෙහෙත දාන කොට උගේ අත් දෙකම තිබුනේ මගේ කර උඩ .දැන් තමයි මට මතක් වුනේ"

Sonyට නගියි...

මේ කතාව කොක්කු ගැනයි...

විවිධ කොක්කු වර්ග වෙති. මේ ඉන් සමහරකි.


පාලමේ කොකා – මූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.


පාරලේ කොකා – ඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ


පණ නැති කොකා – මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.


පස් කන කොකා – මූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.


පාණ කොකා – මූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.


පාන් කොකා – පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.


පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.


පරණ කොකා – මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

මීට අමතරව ඔයා දන්න තවත් කොක්කු ඉන්නවනම් හැමෝටම දැන ගන්න කොමෙන්ට් කරන්න... :D

ටියුබ් ලයිට්...

ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.