Showing posts with label ඉස්කෝලෙ කතා. Show all posts
Showing posts with label ඉස්කෝලෙ කතා. Show all posts

Saturday, October 6, 2012

මෝඩ ප්‍රශ්න...

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

 හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

Saturday, January 28, 2012

ඇම්ඩා ක්ලාස් යන දවස්වල...

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.

කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු "ඇම්ඩ අයියේ වෙලාව කීයද ?" කියල.

"මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ" කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

Thursday, October 27, 2011

කව්ද ඒක විසි කලේ???

ටීචර් - මම ඊ ලඟට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න

එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය

ටීචර් - කව්ද ඒක විසි කලේ

ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී

Friday, July 29, 2011

දියණියගේ ආදර පලහිලව්ව...

දිනක් තවමත් පාසැල් යන සිසුවියක වූ තම දියණියගේ ආදර පලහිලව්ව ගැන දැනගත් පියා ''අනේ ඇත්තට උඹට රටේ කොල්ලෝ නැතිවටද අර මෝඩ, මෙලෝ දෙයක් දන්නැති, රස්තියාදුකාරයත් එක්ක යාලු වුනේ'' යැයි බැන වැදුනේය.

තම ආදරවන්තයාට බැන වදිනු තවත් අසා සිටිනු බැරි තැන දියණිය මෙසේ පැවසීය​.

''ඔය ඉතිං එයා ගැන​ තාත්තා දන්න තරම තමයි. එයාව මට හමුවෙලා තවම මාස 2යි. මෙච්චර කාලයක් හැම මාසෙම ලෙඩවෙන මාව සනීප කරපු 1ම මදිද'' යැයි ආඩම්බරයෙන් පැවසීය​.

Saturday, July 9, 2011

Let the Air Force come in

මේකත් අර ටීචර්ගෙම කතාවක්..... මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ ... මේකත් කිව්වෙ කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ...

ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......

ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,

Children, it's very hot here, open the windows and let the Air Force come in!!!

Girls, where did we stop last night???

ඔන්න එක ටීච කෙනෙක් හිටියා.....ඉගැන්වුවෙත් සිංහල මාධ්‍ය පන්ති වලට.....හැබැයි ඉංග්‍රීසි කෑලි දාන්න ගිහින් අනාගන්නවා......දවසක් ඉතින් ඔන්න උදෙන්ම මේ මිස් ගෙ පීරියඩ් එක ලු......ළමයි නිදිමතේ පුටු උඩ නිදි,.....

ටීචරුත් පන්තියට ආවා කළින්ම. දැන් පොත් ඔක්කොම ඇරගෙන කට්ටිය පාඩමට ලෑස්ති වෙනවා......

ටීචරුත් එක පාරටම ළමයිගෙන අහනවා,

"Girls, where did we stop last night???"

ඉගෙන ගත්තා කෝක වෙතත් ළමයිගෙ නිදිමත ගතිය නම් ගියා ලු!!!

Sunday, July 3, 2011

තාක්ෂණික මෙවලම්...

තාක්ෂණික පාඩමේදී ගුරුතුමිය තාක්ෂණික මෙවලම් පාසලට රැගෙන එන ලෙස බාලාංශ පන්තියේ සිසුන්ට කීවාය.පසුදා ළමුන් සියලු දෙනාම එක එක දෑ ගෙනවිත් තිබුණි .
"සුරේන් මොනාද ගෙනාවේ"
"වොක්මන් එකක්. මේකෙන් සින්දු අහන්න පුළුවන්"
"එතකොට මදුර"
"මන් ගෙනාවා ටීචර් රේසර් එකක්"
"මේකෙන් රැවුල කපන්න පුළුවන්"
"එතකොට සුනිමල් මුකුත් ගෙනාවේ නැද්ද"
"ගේනවා ටීචර්.. ඒක එළියේ"
ළමුන් සහ ගුරුතුමිය එලියට ගොස් සුනිමල් ගෙන දේ බැලුහ
"මොකද්ද මේ"
"මේක අමාරු ලෙඩුන්ට හුස්ම දෙන මැෂින් එකක්"
"මේක ගේනකොට තාත්ත මුකුත් කිව්වේ නැද්ද"
"නෑ ටීචර්... එයා දගලලා සද්ද නැතුව හිටිය"
"ඒ ඇයි??"
"මේක එයාට දාලයි තිබුනේ"

Friday, April 22, 2011

රාවණාගේ දුන්න කැඩුවේ කවුද???

දිනක් එක්තරා විදුහලක අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන පරීක්ෂණයක් විය.. එහිදී එක්තරා පරීක්ෂක වරයකු එක් පන්තියක් පරීක්ෂා කරමින් එහි සිටි සිසුන්ගෙන් කෙනෙකු නැගිටවා ඉතිහාසය පිළිබඳ පැනයක් අසන්නට විය..

ළමයාගේ නම නිමල්ය, පැනය " හොදයි නිමල් කියන්න බලන්න රාවණාගේ දුන්න කැඩුවේ කවුද කියලා"

එවිට එම ළමයා බයෙන් වෙවුළමින් හඬමින් මෙසේ කීවේය " අනේ බුදු සර් මම ඔය වගේ වැඩ කරන්නේ නෑ ඒ කතාව බොරුවක් සර්"

පරීක්ෂකයා අන්දුන් කුන්දුන්වී වට පිට බලා" එතකොට ඒක කිසි කෙනෙක් දන්නේ නැද්දයි ඇසීය... එවිට තවත් ළමයකු නැගිට " අනේ සර් අපේ නිමල් හරිම හොඳ ළමයෙක්.. එයා කවදාවත් ඔහොම වැඩක් කරන්නේ නැහැ යනුවෙන් පැවසීය..

මෙයින් කේන්තියට පත් පරීක්ෂක වරයා පන්ති භාර ගුරුවරිය දෙසට හැරෙමින්.. " මෙහෙමද ඔබ තුමිය මේ පන්තිය පවත්වන්නේ..රාවණාගේ දුන්න කැඩුව කෙනා ගැන මේ අය දන්නේ නැද්ද" යනුවෙන් ඇසීය..

එවිට එම ගුරුවරිය ඉතා යටහත් පහත්ව " අනේ සර් ඔය නිමල් මේ පන්තියේ ඉන්න දක්ෂම ළමයෙක්.. ඒ ළමයා කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැ.. සර්ට කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ.." යැයි පැවසීය..

මෙයින් බොහෝ සේ කිපුන පරීක්ෂක වරයා වහාම විදුහල් පති කාමරයට ගොස් මෙම පන්තිය ගැන පැමිණිළි කරමින් දොස් පැවරීය.. විදුහල්පති වහාම එම පන්තියේ සිසුන් සමග ගුරුවරියද කැදවමින් ඇයගෙන් මේ පිලිබඳව විමසන්නට විය.. එවිට එම ගුරුවරිය ඔහුට තරයේම කියා සිටියේ නිමල් එවැනි වැරදි නොකරන බවය...

එවිට විදුහල්පති පරීක්ෂක දෙසට හැරෙමින් " අනේ සර් මේ මිස් කියනවනේ ඒ ළමයා ඒ වගේ වැරදිකරන්නේ නෑ කියලා.. ඒ නිසා අපි ඒ ළමයට අපි සමාව දෙමු"යැයි පැවසීය...

මෙම ප්‍රකාෂයෙන් තමාට උන් හිටි තැන් අමතක වූ පරීක්ෂක වරයා..වහා එම පාසලත් ගුරු මණ්ඩලයටත් විරුද්ධව පැමිණිලි කිරීමට අධ්‍යපන අධ්‍යක්ෂක වරයා හමු විය ඔහු ගොස් " බලන්න සර්.. අහවල් පාසලේ ළමයි ඉතිහාසය ගැන කිසිම දැනීම්ක් නැහැ..ගුරුවරුත් එහෙමයි..වැඩි දෙයක් තියා ඒ ළමයි රාවණාගේ දුන්න කැඩුවේ කව්ද යයි ඇසූ විට එයට උත්තර නොදුන් බව පැවසීය..

මෙය ඇසූ අධ්‍යක්ෂක වරයා කේන්තියෙන් තම දුර ක්ථනයෙන් භාණ්ඩාගාරයට ඇමතුමක් ගෙන එම පාසලේ නම පවසමින් " ඕකුන් ඔය කැඩිච්ච දුණු කෑලි දෙක ගෙනත් දෙනකන් කිසිම බඩුවක් නැවත නොදෙන ලෙස පැවසීය"
එකෙනෙහිම පරික්ෂක වරායා දඩාස් ගා බිම ඇදවැටිනි...

Monday, April 18, 2011

මුලකුරු...

ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
ළමය : "මම L. B. රත්නායක ".
ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
ළමය : ලොකු බණ්ඩා.
ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක
ඔන්න ගිය ඊලග ළමය ලගට
ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ.
ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න
.ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ කියල .
ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී .
ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී .
ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
"ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල

Saturday, July 10, 2010

අච්චු කන්තෝරුවේ නම?

"විභාගෙට තියෙන්නෙ හරියටම තව සති දෙකයි. ප්‍රශ්න පත්තර අච්චු ගහන්ඩ දීලත් ඉවරයි. ඔය ළමයින්ට මුකුත් ප්‍රශ්නයක් හෙම අහන්ඩ තියෙනවද?" ගුරුතුමා පන්තිය සිසාරා බැල්මක් හෙළමින් ඇසීය.

"ඒ අච්චු කන්තෝරුවේ නම මොකක්ද සර්?" සිසුහු සැවොම එක හඬින් ඇසූහ.

පහු පහු වෙන කොට

"මම රොහාන්ව බඳින්න කැමැති වුණේ එයා පුරාවිද්‍යාඥයෙක් හින්දා." ඉන්ද්‍රානි පාසලේ ගුරු විවේක කාමරයේදී ඩල්සිට කීවාය.

"ඇයි මොකක්ද ඒ රස්සාවෙ විශේෂත්වය?” ඩල්සි විමසුවේ කුතුහලයෙනි.

"වයසට යන්න යන්න එයා තමන්ගෙ බිරිඳ ගැන දක්වන උනන්දුව වැඩි වෙන්නෙ පුරාවිද්‍යාඥයෙක් හින්දනෙ.” ඉන්ද්‍රානි පැහැදිලි කළාය.

100%ක්ම ජලය...

ඇම්ඩා කියන්නෙ පන්තියෙ ඉන්න හොදම ළමය නෙමේ ෂෝක්ම කොල්ල කියල ඉතින් හෑමෝම දන්නවනේ...ඒකා ටීචර් කියන කිසිම දෙයකට හරියට උත්තරයක් දෙන්නේ නෑ මොනවහරි කියල හිනාවෙලා ඉන්නවා...

දවසක් මිස් පෝෂණය යන පාඩම උගන්නනවා...ඔන්න මිස් කියනව මාලුන්ගෙ වැඩිපුරම අඩංගුවන පෝෂණ ගුණ…

ප්‍රොඅටීන් 12%
කැල්සියම් 05%
ජලය 75%
මේදය 08% ... කියල මිස් ටික වෙලාවකින් අහනවා…"හොදයි ඇම්ඩා කියන්න බලන්න…මාලු කන එක කොච්චර ගුණදායකද කියලා…"

ඇම්ඩා කියනවා…"ටීචර් දැන් කඩේ මාලු කිලෝ 1ක් රු 150..ඊට වැඩිය හොදයි..මිස්..රු 40 වතුර බොඅතලයක් බොන එක..." කියලා..
ටීචර් අහනවා "ඒ මොකද ඒ???"

ඇම්ඩා කියනව රු 150 දීල 75% ජලය ගන්නවට වැඩිය ලාබයි..රු 40 දීල 100%ක්ම ජලය ගන්න එක…..

Sunday, May 23, 2010

අයිෆල් කුළුන...

ඇම්ඩන්ලගෙ පන්තියෙ ඉතිහාසය කරමින් සිටි ගුරැතුමා

මේ... ළමයි දන්නවාද අයිෆල් කුළුන හදන්න ගොඩ කාලයක් ගත වුනේ ඇයි කියලා..

ඇම්ඩන්: ෂුවර් එකටම කරන්න ඇත්තේ Government ඔෆිස් එකකින් වෙන්න ඇති..

මංකොල්ල කෑම

පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

"මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

"හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..

31st night

මේක ඇවිල්ල අපෙ එකෙක් කිව්ව සීන් එකක්...ඕන් ඉතින් අහගන්නකෝ...

ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.

"ෂා නියමයිනේ..."කියලා මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.

ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...

Friday, May 21, 2010

සර් දන්න තරම...

සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?
ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?
ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

මේක අහල ඇම්ඩා‍ටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි  "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..

ආයිත් ඇන්නොත් ???

පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම ඇම්ඩන්ගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින ඇම්ඩන් අමතා...
“ඇ...ම්...ඩ......න්.. කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..” පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් ඇම්ඩන්ගේ පසුපසට ඇන “දෙවියන්වහන්සේ කියලා කියපං ” යි පැවසීය. ඇම්ඩන් නැගිට “දෙවියන් වහන්සේ” කීවේය. “බොහොම හොඳයි”
ඇම්ඩන් නැවත නිදන්නට විය.
ටික වේලාවකට පසුව “අපේ ගැලවුම් කරුවා කව්ද” ඇම්ඩන් ?
නැවත අර කොල්ලා ඇම්ඩන්ගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන. “ජේසුස් කියපන්” යැයි කීය.
තුන්වන ප්‍රශ්නය ලෙස ..... හා එහෙනම් ඇම්ඩන් කියනව බලන්න “ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා”
නැවත වරක් කොළුවා ඇම්ඩන්ගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි ඇම්ඩා තිගැස්සී අවදිව ....................
“තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවා” යි කීය

Wednesday, May 19, 2010

මොනව කියයිද?

ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.