Monday, June 21, 2010

පුතාගෙ තරම...

තේගිරිස් උපාසක මහතා ජේමිස් බාස්ගේ නිවසට ගොඩවන්නට සිතා කඩුල්ල අරිද්දී, නිවෙසේ සිට ඒ දෙසට එන ජේමිස් බාස්ගේ කුඩා පුතු දැක නතර වී මෙසේ ඇසීය.

"ළමයා කෝ අප්පච්චි???"

"වන්දනාවෙ ගියා." කොලුවා කීය.

"එතකොට අම්මා???"

"සිල් ගන්ඩ ගියා."

"පුතා මේ කොහෙද යන්නෙ???" තේගිරිස් කොලුවා අතේ තිබුණු ආම්පන්න දෙස විමසිලිමත් වෙමින් ඇසීය.

"බිලීබාන්ඩ." කියමින් කොලුවා කඩුල්ල පැන්නේය.

රිටර්න් බඩු...

මැසූ ඇඳුම් විකුණන වෙළෙඳ ආයතනයක් ඇරැඹූ අනෝමාට තම පාසල් මිතුරියක වූ ශි‍්‍රයානි හමු වුණේ තරු පහේ හෝටලයක පැවැති විවාහ මංගල්‍යයකදීය.
කෙළවරක් නැති දීර්ඝ කතාබහකට මුල පුරමින් ශි‍්‍රයානි, අනෝමා ගෙන් මෙසේ ඇසුවාය.

"කොහොමද, ඔයාගෙ අලුත් බිස්නස් එක සරු ද?"

"හරි සවුත්තුයි අනේ. ඔයා කියන්නෙ ශි‍්‍රයානි, පෙරේදා මුළු දවසටම එකම එක ගවුමක් විතරයි විකුණුනේ. ඊයේ ඊටත් වඩා සවුත්තුයි." අනෝමා කට ඇද කරමින් කීවාය.

"ඇයි ඊයෙ මුකුත්ම විකුනුණේ නැද්ද?" ශි‍්‍රයානි ඇසුවේ ඇස් ලොකු කරමිනි.

"විකුනුණේ නැතත් කමක් නැහැ කියමුකො. පෙරේදා ගෙනිච්ච ගවුමත් ඊයේ ආපහු දීලා ගියා අනේ." අනෝමා කීවේ දැඩි කලකිරීමකිනි.

කළ උදව්ව...

වෛද්‍ය ගුණසේකර එම ප්‍රදේශයේ නිවැසියන් අතර බොහෝ ජනප්‍රිය වෛද්‍යවරයෙකි. හේ දිනක් සවස තම චිකිත්සාගාරය වෙත යමින් සිටියදී කොළඹගේ මුණ ගැසුණි.

"කොහොමද මිස්ටර් කොළඹගේ වාසදේස? අර මම දීපු බේත්වලින් ඔහෙගෙ නැන්දම්මට සනීප වුණාද?" දොස්තර මහතා ඇසීය.

"දොස්තර මහත්තයට බුදු බව අත්වෙන්න උන්දෑ නිවන් දැක්කා" කොළඹගේ පිළිතුරු දුන්නේ කෘතඥතාපූර්වකව හිස නමමිනි.