Wednesday, April 17, 2013

මේ ෆෝන් කෙලිය...

මේව නම් බලලත් ඇති ඒත් හොද දෙයක් නිසා හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා. බලල අදහසක් දාල යන්න අමතක කරන්න එපා.

Tuesday, March 26, 2013

සටන් සහ බණ...

"විජේරත්න නෝනා, මේ සැරේ ඇසළ පෝයට පන්සලේ ධර්ම දේශනාව බොහොම කලඑළියට කරන්ඩයි මගෙ කල්පනාව. ධර්ම දේශනාව අතරතුරේ ආලවක දමනය, මාර පරාජය වගෙ දේවල් නාට්‍යානුසාරයෙන් බණ ශාලාවේ පෙන්නන්ඩත් ලැහැස්ති කරලයි තියෙන්නෙ.
ඒකත් ඇතුළත් කරලා හොඳ දැන්වීමක් හදලා පෝස්ටරයක් විදියට මුළු ගම පුරාම ඇලෙව්වොත් නේද හොඳ?" පන්සලේ නායක හාමුදුරුවෝ බෝමළුවේ දී හමුවූ තම පන්සලේ ප්‍රමුඛ දායිකාවකට කීවේය.

ඇය තම සැමියාට ඒ විස්තරය පවසා ඔහු ලවා පෝස්ටරයක් සකස් කොට එය පන්සලට රැගෙන ගොස් නායක හාමුදුරුවන්ට පිළිගැන්වූවාය.

එය කියවා බැලූ උන්වහන්සේ හිසේ අතගසා ගත්තෝය. එහි ශීර්ෂ පාඨය ලෙස මෙසේ සඳහන්ව තිබිණ.

"ත්‍රාසජනක සටන් ඇතුළත් මනහර ධර්ම දේශනයක්"

Wednesday, November 7, 2012

බහ තේරීම...

පුතුන් දෙදෙනකුගෙන් පසුව ඉපදුන දූ සිඟිත්ත පෙරේරාගේ ලෝකය එලිය කලාය කිව්වොත් වැරැද්දක් නැහැ. කලාවෙන් කලාව මෝරණ හඳ වගේ දවසින් දවස වැඩෙන දුවණියට, පුතුන් දෙදනාටම වඩා පියාගේ ආදරය හිමිවුනේ ඒ නිසාමයි. කොහොම වුනත් කෙනෙකුට තේරුම්ගැනීමට අපහසු තරම් සුවිශේෂී බවක් පෙන්වනලද දුවණිය, තතනමින් අකුරු එකතුකරමින් වචන ශබ්ද නගන්නට පටන්ගත්තේ අන්දරුවන්ට වඩා මාස කිහිපයක්ම පෙරාතුවයි.

ගෙදර සාමාජිකයන් අතුරින් පුංචි දියණියගෙන් පලමුව ඇමතුම් ලැබීමට වාසනාව ලද්දේ දුවණිය සමග නිරතුරුව ගැව‍සුන පෙරේරා මහතාගේ මාමණ්ඩියයි. උදෑසනම “සීයා” යනුවෙන් සිඟිති මුවකින් ඇමතුම් ලැබීමට තරම් වාසනාවන්ත වුවත්, පෙරේරා මහතාගේ මාමණ්ඩිය එදින රාත්‍රියේදී හෘදයාබාධයකට ලක්වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

එයින් සති කිහිපයක ඇවෑමෙන් දියණියගෙන් දෙවනුව ඇමතුම් ලද පෙරේරා මහතාගේ නැන්දනියද එදින මධ්‍යම රාත්‍රියේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ පෙරේරාගේ සිතතුලද යම් විචිකිච්චාවක් ඇතිකරවමින්ය කිව්වොත් වැරැද්දක් නැහැ.

නැන්දනියගේ දානමය පිංකමෙහි කටයුතු අවසන්කොට රැකියාව සඳහා පිටත්වන පලමුදිනයේම උදෑසන පෙරේරාගේ හිත කීරිගස්වමින් සිඟිති දුවණිය “තාත්තා” යනුවෙන් පෙරේ‍රා මහතාව අමතනු ලැබූවා. මහත් කම්පණයට සහ සිත්තැවුලට පත්වුන පෙරෙ‍රාට එදින කාර්යාලයේදී කිසිදු කටයුත්තක් හරියාකාරව ඉටුකරන්නට හැකිවුනේ නැහැ. එදින රාත්‍රියේ තමා වෙත එලඹීමට නියමිත මරණ‍ෙයහි කටුකබව පිලිබඳව නිරතුරු සිහිපත්විමෙන් මහත් සේ චිත්ත පීඩාවට පත්වූ පෙරේරා, නගරයේ තැබෑරුමට ගොඩවී සිහි විකල්වන පමණට මත්පැන් පානයකර, මුහුදු වෙරලේ මිනිසුන් වැඩිපුර නොගැවසෙන වැලිතලාවක්මත වැතිරී, සිය ජීවිතයේ අවසානය බලාපොරොත්තුවෙන් නිදන්නටවුනා.

මධ්‍යම රාත්‍රියේදි අවදිවූ පෙරේරා රාත්‍රි 12 වනතුරුත් තමා ජීවත්ව හිදිනාබවට සැකහැර, සැනසුම් සුසුමක්හෙලමින් තමන්‍ බියවූයේ පදනම් විරහිතව බව අවබෝධ කොටගෙන, වැනෙන ගතින්මුත් සැනසම් සිතින් මහපාර ඔස්සේ පාගමනින්ම නිවසකරා ගමන්කලේ, ඒවනවිට අවසාන බස්රථය පිටත්වගොස් හෝරා කිහිපයක්ම පසුවීතිබුණ නිසයි.

අඩපැයක ඇවෑමෙන් නිවසකරා ලඟාවූ පෙරේරා මහතාට දැකගතහැකි වූයේ, ගෙයි ඉදිරි පඩියමත කඳුළු සලමින් මහපාර දෙස නෙත්දල්වාගෙනහුන් සිය පෙම්බර බිරිඳවූ පෙරේරා මහත්මියයි. මෙයට පෙර කිසිමදිනක මෙතරම් පමානොවන තමන්ගේ ප්‍රමාදය ගැන බියෙන් වැලපෙමින් හුන් සිය බිරිඳ පිලිබඳව මහත්සේ කම්පාව‍ට පත් පෙරේ‍රා මහතා තම කටහඩ අවදිකලේ තමා අතින් සිදුවූ වරද පිලිබදව සිතින් තමාටම දොස් පවරාගන්නා අතරතුරයි.

“ වෙච්චදේ වුනා... ඕක ඔච්චර ලොකුවට ගනන්ගන්න එපා නෝනෝ !”

 “ එහෙම ගනන්ගන්නේ නැතිව කොහොමද මනුස්සයෝ......”

“ගහක් ගලක් වගේ හිටපු සිල්වා මහත්තයා...! ”

පෙරේ‍රා නෝනා මහත්සේ වැලපෙමින් මෙයට හෝරාවකට පමණ පෙර හදිසියේ මරණයටපත්ව තිබූ තම අසල්වැසියාගේ ගුණ සිහිපත්කලා.

තේරුනේ නෑ වගේ නම් ආයි පාරක් කියවල බලන්න...

අපේ විරාජ් මලයගෙ කථාවක්

Saturday, October 6, 2012

මෝඩ ප්‍රශ්න...

01. චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!

 හරි උත්තරේ - එයි උඹ දන්නෙ නැද්ද??! මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

02. බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??"

හරි උත්තරේ - අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*)

03. කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??

හරි උත්තරේ - නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!

04. ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!

හරි උත්තරේ - මට මන්ද පෝශනේ තිබුනේ නෑ නේ!

05. පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??

හරි උත්තරේ - අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා. උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!

06. උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!

හරි උත්තරේ - බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)

මීටත් හොද ප්‍රශ්න අහල තියෙනවනම් දාමු බලන්ඩ පහලින්...

Thursday, September 27, 2012

යහ මඟට ගැනීම...

දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම

නඩුකාරය : තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

 ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට.

නඩුකාරය : තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

කොල්ලා 1 : 17 දෙනෙක් ස්වාමීනි.

නඩුකාරය : හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල ?

කොල්ලා 1 : ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත.

ඉතින් ඌව නිදහස් කරා. දෙවෙනි එකත් නැග්ග කූඩුව ට.

නඩුකාරය : තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

කොල්ලා 2 : 156 දෙනෙක් ස්වාමීනි.

නඩු කාරය ට හොල්මන්.

නඩුකාරය : ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල. මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ?

කොල්ලා 2 : ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද. O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පිටිපස්සෙ....

Wednesday, August 1, 2012

රවී කසාදයක් බැන්දා...

ඔන්න ඉතින් රවී රොශානුයි ගජ යාලුවොලු......

රවී මේ ලගදි බැන්දලු,

 රොශාන්:- මොකද බන් අප්සට් මූඩ් ගහල....

රවී :- නෑ බන් මේ පොඩි අව්ලක්......

රොශාන්:- ඇයි බන් 1st නයිට් එක අවුල්ද?

රවී :- අනේ නෑ බන් ඒක නම් හොදට තිබුනා.....

රොශාන්:- එහෙනම්...........

රවී :- මට උදේ ඇහෙරුනු වෙලේ පුරුද්දට වගේ රුපියල් 1000 ක් දික් උනානෙ,,

රොශාන්:- ඉතින් මල කෙලියයි, කෙල්ල උබව දාල ගියාද?

රවී :- නෑ බන් ඒකි මට ඉතුරු රුපියල් 500 ක් දුන්නනේ.....