Sunday, May 23, 2010

මල්ලී මේ පාර යන්නේ කොහාටද?

කොල්ලො සෙට් එක පිටින් බෝක්කුව උඩ රස්තියාදු පාර දාගෙන ඉන්නවා.ඔහොම ඉන්නකොට එතනින් වෑන් එකක් නැවැත්තුවා.

වන්දනා ගමනක් යන කට්ටියක්.පිටිපස්සේ පොත්ත සුදු කෙල්ලෝ තුං හතර දෙනෙකුත් ඉන්නවා.ඉස්සරහා වාඩිවෙලා හිටියා පොඩ්ඩක් පණ්ඩිත පහේ පොරක් (ඇත්තටම පණ්ඩිතද දන්නේ නෑ.ඒ උනාට සමහට ඩයල් දැක්කහම එහෙම හිතේනවනේ ).
පොර වෑන් එකෙන් එලියට ඔලුව දාල , පොඩ්ඩක් සද්දෙට

“මල්ලී මේ පාර යන්නේ කොහාටද?” කියලා ලොකුකමට වගේ ඇහුවා.

එතකොට කොල්ලෙක් ගත් ක‍ටටම “ආ අයියා , දවල්ටනම් මේ පාර කොහාටවත් යන්නෑ , හැබැයි රෑට කොහේ හරි යනවද දන්නෑ..”කියලා  කියල...

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...