Sunday, May 23, 2010

31st night

මේක ඇවිල්ල අපෙ එකෙක් කිව්ව සීන් එකක්...ඕන් ඉතින් අහගන්නකෝ...

ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.

"ෂා නියමයිනේ..."කියලා මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.

ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...