Monday, May 24, 2010

මම ටෙම්පල්...

කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් එකෙක්.
කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.

කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්​ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උ‍ටම හරියන ටියුබ් ලයිට් එකෙක්.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...