Friday, May 21, 2010

කලබල වෙන්න එපා...ප්ලේන් එකක් දැන්ම නෑ...

දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”

1 comment:

  1. ඕක මම අහල තියන්නෙ වෙන විදියකට

    …"ලෝකෙ ලොකුම අහවල් එක තියන්නෙ කෙන්යාවෙ පිරිමින්ට" කියල කියද්දි තමයි කෙල්ලො ටික නැගිටල යන්න හදල තියන්නෙ

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...