Sunday, May 30, 2010

ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය...

ඔන්න අපේ චංක මහත්තයා එයාගේ අඹුව (චංකි) එක්ක හොටෙල් එකක කාමරයකට ගියා. ගියපු වෙලේ ඉදලම චංක කාමරයේ උඩ යට බල බලා ඉන්නව දැකපු චංකි මෙහෙම අහනවා.

චංකි : අයියෝ…ඔයා ආපු වෙලාවේ ඉදලා මොනවද මේ උඩ බිම බල බලා හොයන්නෙ?.

චංක : හංගපු කැමරා

චංකි : ඇයි ඔයා හිතන්නේ මේක ඇතුලෙ හංගපු කැමරා තියෙනවා කියලා?.

චංක : අර tv එකේ ඉන්න කොල්ලෝ ටික මම දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නේ. දැක්කේ නැද්ද අර උන් ටික විනාඩියෙන් විනාඩියට කියන්නේ “ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය” කියලා.
කොහොමද උන් දන්නේ මම දැන් බලාගෙන ඉන්නෙ රූපවාහිනිය කියලා?

අපි බදිමුද???

චංක පොඩි ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න හිතුනු නිසා ලස්සන ගෑනු ලමයෙක් හොයාගෙන ගියා.

චංක : අපි බදිමුද?

ගැ.ළමයා : අපෝ ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේ? ඒක අපිට බලපානවා නේ?

චංක : අපෝ..ඒක මොකක්ද?. අපි එහෙනම් ලබන අවුරුද්දේ බදිමු.

Wednesday, May 26, 2010

පොල්...

පොල් හොරකමකට සැකපිට පොලිසියට ගෙන ආ සෝමදාසගෙන් පොලිස් පරික්ෂකවරයා ප්‍රශ්න ඇසීය.

පොලිස් පරික්ෂකවරයා : සෝමදාස වන තමා ඊයේ උදෑසන අල්ලපු වත්තේන් පොල් ගෙඩියක් හොරකම් කලා කියල පැමිණිල්ලක් ලැබිල තියේනව...පෙරේදත් ඒ වත්තෙන්ම පොල් ගෙඩියක් අරන් අහුවුණාලු නේද...?

සොමදාස : ඕව් සර්...සර්ම ඉතින් කියන්න පොල් ගෙඩියකින් ගොඩ දවසක් කන්න බැනෙ සර්...

කැරකෙන ලෝකේ...

කන පලෙන්න බීමත්ව පැමිනි හීන්බන්ඩාගෙන් ඔහුගෙ සිගිති පුතා පැනයක් ඈසීය.

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

හීන්බන්ඩ : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

Who's Speaking?

අලුතින් තව කතා දැම්මා...

එවා අහන්න >>මෙතන කොටන්න<<

නෝනගේ මොලේ...

නිමල් ගෙදර ආවෙ මයින හමක මෙන් මහා හඩින් හති දමමිනි...දහඩියෙන්ද මුලු ඇඟම තෙමී ගොසිනි.....

"මොකද වුනේ " ඔහුගේ බිරිඳ ඇසීය ....

"මම අද අපූරු සොයා ගැනීමක් කලා " නිමල් ආඩම්බරයෙන් කීය ......

"මම වැඩ ඇරිලා බස් එක අල්ලන්න එනකොට ඒක අද්දනවා..... ඉතිං මම ඒක අල්ලන්න දුවලා දුවලා ආවා ....බැලින්නං ගෙදර ලඟටම ඇවිල්ලා ...ඉතිං ඒකෙං මට රුපියල් 10ක්ම ඉතිරි වුනා"

"අයියෝ"

ඒ අසා සිටි බිරිඳ මුහුණ ඇඹුල් කොට උපහාසයෙන් සිනා සුනාය.....

"ඔයා කලොත් ඔහොම වැඩක්ම තමයි...අයියෝ මනුස්සයෝ බස් එකක් පස්සෙ ඇවිත් රුපියල් 10ත් ලාබ වුනා නම් ත්‍රීවිල් එකක් පස්සේ දුවං ආව නම් රුපියල් 100ක්ම ඉතිරි වෙනවනේ"