Saturday, May 28, 2011

සොහොනේ ගල් කිටන්නා...

රෑ බෝවී ගෙදර යමින් සිටි සිරී කෙටි මගක් වූ සොහොන් බිම මැදින් වැ‍ටුනු අඩිපාර දෙසට හැරුණි.
එහි මද දුරක් යත්ම ඔහුට ඇසුනේ යමකට වැරෙන් තට්‍ටු කරනා හඬකි.
මද චකිතයකට පත්වුවත් හිත දැඩි කරගනිමින් ඉදිරියටම ගියේය.
එන්න එන්න ශබ්දය වැඩි වන්නට විය.
ඒ සමඟම ඔහුගේ සිතේ චකිතයද වැඩි විය.
අනතුරුව ඔහු දු‍ටුවේ සොහොනේ කොතක අකුරු කොටමින් සිටින මිනිසෙකි.

අම්බානක මලපැන්න සිරී..
"මොනවද ඕයි තමුසෙ කරන්නෙ? ඕක දවල් කරගන්න එපැයි.
මම හොඳටම බය වුනා හොල්මනක්ද කියලා "

මිනිසා මෙසේ පිලිතුරු දිය,
"තරහා ගන්න එපා අයිබෝං, මේක මේ අද හවස්වෙලා හයි කෙරුවෙ,
ඒත් මේ මිනිස්සු මගේ නම වැරදියට නොවැ කොටලා තියෙන්නෙ"

1 comment:

  1. ඒ මනුස්සයා අරූව දකින්න කලිනුත් බය වෙලා දැක්කට පස්සෙත් බය වෙන්න එපැයි. පට්ට කතාව.

    ReplyDelete

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...