Sunday, December 5, 2010

ඔය විදියට තමයි

පොලිස් නිලධාරියකු වූ අරුණ පාසල් සමයේ පටන්ම දිනපතා සිරුර වඩවා ගැනීමේ ව්‍යායාම කළ, කරාටේ සටන් ක්‍රම ප්‍රගුණ කළ, බෲස් ලී හට තද ඇල්මක් දැක්වූ අයෙකි.

දිනක් සේවය අවසන් වී බොරැල්ල හන්දියට පැමිණි හෙතෙම බාබර් සාප්පුවකට ගොඩ වීය.

"බෲස් ලී ගෙ විදියට මගෙ කොන්ඩේ කපන්න ඕනෙ." අරුණ බාබර් දෙස කණ්ණාඩියෙන් බලමින් කීවේ සුදු රෙද්දක් තම සිරුරේ ඉදිරිපස දමමින් බාබර් කොණ්ඩය කැපීමට සැරසෙද්දී ය.

කොණ්ඩය කපා අවසාන වූ පසු නැගිට මදක් ඉදිරිපසට නැමී කණ්ණාඩියෙන් තම හිස පිරික්සු අරුණ මුහුණ ඇඹුල් කර ගෙන බාබර් දෙස බලා කෝපයෙන් මෙසේ කීය.

"අයියෙ බෲස් ලී කොන්ඩේ කපන්නෙ මේ විදියට නෙමෙයි නෙ."

"මොකද මහත්තයා නැත්තෙ? බෲස් ලී මෙහාට ආවොත් අපි එයාගෙ කොණ්ඩෙ කපන්නෙත් ඔය විදියට තමයි." බාබර් කීය.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...