Sunday, June 6, 2010

මේකයි...

දුම්රියේ ගාඩ් මැදිරිය වෙත අපහසුවෙන් පිය නැඟූ තරබාරු කාන්තාව ඉතා ආචාරශීලීව ගාඩ්වරයා ගෙන් මෙසේ ඇසීය.

"ඊළඟ ස්ටේෂන් එකේදි කරුණාකරලා මට බිමට බහින්න පොඩ්ඩක් උදව් කරනව ද?"

"ඇයි නෝනා, බඩු මොනවාවත් බිමට බාන්න තියෙනවද?" ගාඩ්වරයා පෙරළා ප්‍රශ්නයක් නැඟුවේය.

"නෑ. මං මහත හින්දා බිමට බහින්නෙ පිටිපස්සම හැරිලා. මං එහෙම කරන කොට බිම ඉන්න අයගෙ හිතේ මං අමාරුවෙන් කෝච්චියට නගින්ඩ හදනවයි කියල. ඒ ගොල්ලො ඉදිරිපත් වෙලා මට තල්ලුවක් දීලා උඩට දානවා. පහුගිය ස්ටේෂන් තුනේදිම වුණේ ඔන්න ඕකයි." තරබාරු කාන්තාව පිළිතුරු දුන්නාය.