Sunday, June 13, 2010

නාන්ඩ දෙන්නං...

සංගීත සංදර්ශනය සඳහා පැමිණි සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් තේ මේසය වෙත කැඳවාගෙන ගිය සංවිධායක ධනපාල මහතා මෙසේ කීය.

"දැනට ඔන්න තේ ලැහැස්ති කෙරුවා. හැබැයි රෑට මෙහෙම නෙමෙයි. රෑ කෑම මේසෙදි හැමෝටම නාන්ඩ දෙන්නං."

සංගීත සංදර්ශනය අවසන් වී සැවොම කෑම මේසයට වාඩි වූහ. කෑම මේසයේ මත්පැන් කිසිවක් නොමැති බව තබ්ලා කරු එක බැල්මකින් ම වටහා ගත්තේය.

දෙන්නෙම නැද්ද???

එය ළමා කිරිපිටි හිඟයක් තදින් බල පැවැත්වූ කාලයකි. කොළඹින් බැහැර කුඩා නගරයක වූ විශාල සිල්ලර කඩයකට පෙර දින ළමා කිරිපිටි තොගයක් ලැබුණු බවට කටින් කට පැතිර ගිය ආරංචිය අනුව මිනිසුන් මේ කඩය ඉදිරිපිට පෝලිම් ගැහුණේ පාන්දර සිට ය.ඉර එළිය වැටෙද්දී මේ කඩය ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් සෑදී තිබුණි.

ඊට ටික වේලාවකට පසු පැමිණි පුරුෂයෙක් පෝලිමේ අගට එකතු නොවී, පෝලිමේ මුලට යනු දුටු මිනිස්සු කෝප වී ඔහු පෝලිමේ පසුපසට ඇද දැම්මේය. ඊළඟ මොහොතේ ඔහු නැවතත් ඉදිරියට එනු දුටු හැඩිදැඩි තරුණයෙක් ඔහු නැවතත් පසුපසට ඇද දැම්මේ නොසරුප් වදනක් ද දොඩමිනි.

වෙන කවුරුවත් හිටිය යැ...

"ඊයෙ නං සර්ට හොඳටම වැඩියි නේද?" කොන්දොස්තර කොලුවා ඇසුවේ ජයතිස්ස උදේ බසයට ගොඩවෙද්දීය.

"ඒ මොකද තමුසෙ එහෙම ඇහැව්වේ?" ජයතිස්ස ඇසුවේ පුදුම වෙමිනි.

"ඇයි සර්ට මතක නැද්ද, බස් එකට නැග්ග නෝනා කෙනෙකුට සර් නැගිටලා ඉඩ දුන්නා." කොලුවා ඇසුවේ සිනාසෙමිනි.

Saturday, June 12, 2010

අපේ සිංහල jokes Game Show

අපේ සිංහල jokes Game Show අරම්භ වුණා ඕන්...

වැඩි විස්තර දැනගන්න...

Friday, June 11, 2010

අද Who's Speaking...(2010-06-11)

ඩේලි Who's Speaking වැඩ සටහන ඔබට කැමැති වේලාවක ඇසීමට මෙන්න අපෙන්...

මෙන්න අද Who's Speaking වැඩ සටහන...

අහන්න සම්පුර්ණ කථාවම බලන්න...

ලයින් එක කපලයි තිබුනේ...

තමන්ට ලැබුණු තනතුර පිළිබඳව මහත් උද්දාමයට පත් හේ සිය කාර්යාලය සිසාරා නෙත් හෙළුයේ ඉතා
උජාරුවෙනි. තමන් දෙසට එන අමුත්තා දුටු ඔහු තමන් මහත් වූ සම්බන්ධකම් ඇති ඉතා උසස් පුද්ගලයෙක් බව මිනිසුන්ට හැඝවීමට සිතා.... මේසය මතවූ ටෙලිෆෝනය ගෙන ප්‍රසිද්ධ දේශපාලකයෙකු සමග ඒක පාර්ශවීය දුරකථන සංවාදයක නිරතවීය.

අමුත්තා ඔහු ඉදිරියේ සිටගෙන සිටී. ඔහුගේ කථාව හමාරවීය. මහත් ගාම්භීර ලෙස අමුත්තා ඇමතූ හේ..... “ඔව් මොකක්ද කාරණාව ?”

අමුත්තා - “ස..ර්... කථාකර කර හිටපු ලයින් එක පහුගිය කාලේම කපලයි තිබුනේ.... මම එකේ කනෙක්ෂන් එක දෙන්නයි ආවේ.” කීවාලු