Monday, June 4, 2012

මෙහමත් ජීවිතයක්...

කෙල්ල : කොහමද මහත්තයෝ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද?? කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)

Sunday, May 27, 2012

සප්ලයිස්...

ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.

තේරුනේ නැත්නම් කොරන්න දෙයක් නෑ... :P

Wednesday, May 9, 2012

කාටද වැඩි වුනේ...

මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගි
හින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...

Friday, May 4, 2012

ඇම්ඩා හා ලියුමි පෙටිටිය...

දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:p)
  සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

මාමා - ඇම්
ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

පහලට ගිය ඇම්
ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

ඇම්
ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

උඩට ගිය ඇම්
ඩා
මාමේ නැන්ද කියනව ලියුම්
පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

මා
මා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...

Friday, April 20, 2012

ඉන්දියන් ටීම් එක...

මේක ටිකක් පරන කතාවක්. අනූ ගණන්වල අග භාගයෙ වෙච්ච දෙයක්.

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් දවසක් පිටරට තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල.

මේ අතරෙ ටීම් එකෙ ඉන්න අනිල් කුම්බ්ලෙ කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කුම්බ්ලෙ හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා.

එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කුම්බ්ලෙට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල.

කුම්බ්ලෙට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කුම්බ්ලෙ දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කුම්බ්ලෙ මොකුත් නොදන්න ගානට යන්න ගත්තා.

 "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කුම්බ්ලෙටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කුම්බ්ලෙ නේද???....." අර ගෑනි අහපි....

මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කුම්බ්ලෙට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කුම්බ්ලෙ නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු..

"නෑ... නෑ..... ඔයා කුම්බ්ලෙ තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කුම්බ්ලෙ නෙමේ." කුම්බ්ලෙ කියනව. "

ඔයා කුම්බ්ලෙම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කුම්බ්ලෙ අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු..

" නංගි... මම කුම්බ්ලෙ තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම ටෙන්ඩුල්කාර්නෙ"

පුලුවන්නම් උත්තර දීපල්ලා...

1. කැලේ හදුනා වැදුන ටාසන්ට ඊ රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාක තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

 7. ඇයි ගම ඒවා දාල තියෙන පෙට්ටියේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උද නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

පුලුවන්නම් උත්තර දීපල්ලා බලන්න.