Friday, April 22, 2011

මල්ලි ආවෙ කොහොමද???

පොඩි එකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.

"තාත්තේ මල්ලි ආවෙ කොහොමද?"

තාත්ත කියනවා "ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ" කියලා.

පුංචි එකා නවතින්නෙම නෑ"එතකොට නංගි?" තවත් ගැටලුවක්…

"නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා" තාත්තා කිව්වා.

"එතකොට මම?"තාත්තාට බේරිල්ලක් නෑ.

"ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්" පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා.

එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා,"යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ" කියලා.

No comments:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...